අගමැතිකමට රනිල් නුසුදුසු නම් ඉවත්කරන්න: කකුලෙන් අදින්න එපා ! – මහාචාර්ය රොහාන් සමරජීව

අගමැතිකම භාර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළේ, කවුරුත් භාරගැනීමට එඩිතර නොවන බැරෑරුම් වගකීමකට කර දීමක් බවත්, ඔහු එම තනතුර දැරීමට නුසුදුසු යැයි කවුරුන් හෝ හිතනවා නම් පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කොට ඔහු ඉවත් කළ හැකි බවත්, එසේ නොකර ඔහුගේ කකුලෙන් ඇදීමේ ක්‍රියා නොකළ යුතු බවත්, මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීමෙන් අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇත.

මේ මොහොතේ ආර්ථික අර්බුදයේ වගකීමට කර දීම ලේසි පහසු කටයුත්තක් නොවන බවත්, එය ඉතා අවදානම් සහිත බවත්, මහචාරයවරයා කී ය.

රනිල් මෙතරම් අවදානමක් භාරගත්තේ ඔහුගේ මොලේ අමාරුවක් තිබෙන නිසා දැයි තමාගේ ඇතැම් විදේශීය මිතුරන් විමසන බව කී සමරජීව මහතා කුමන හෝ හේතුවක් නිසා මෙම අභියෝගය ජයගත හැකි බවට විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ මහතා තුළ ඇති බව පෙනෙන්නට ඇතැයි ද, පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ගැන තමන්ට කුමන විවේචන තිබුණත්, මෙම මොහොතේ වගකීම් භාරගෙන රට දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමට උත්සහ දරන විට කකුලෙන් ඇදීමට තමා සුදානම් නැති බව ද ඒ මහතා කී ය.

වත්මන් ආර්ථික සහ දේශපාලන අභයෝග සම්බන්ධයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මහාචාර්ය සමරජීව මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *