පෙට්‍රල් රුපියල් 50 කින් , ඩීසල් 60 කින් වැඩිවෙයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ක්‍රියාකර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙල්රල් ලීටරයක් රුපියල් 50 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60 කින් වැඩි කොට තිබේ. මෙම මිල වැඩි කිරීමට අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා මාධ්‍යවේදීන් මර්දනය කිරීම වහා නතර කරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

                                                             ජනමාධ්‍යවේදියකු, ජනමාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකුද වන තරිඳු උඩුවරගෙදරට ජුනි 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීම, මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා නිදහස් මත පළ කරන්නන් මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයෙහිම දිගුවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් දැඩි…

‘ශ්‍රී ලංකන්’ සමාගම මැද පෙරදිග රටකට විකුණයි ?

දිගින් දිගට පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා  මැද පෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී…

ආධාර දෙන හැටි සොයන්න අමෙරිකා රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට මෙරටට

  ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ දී ආධාර දිය හැකි ආකාරය සොයා බැලීම සඳහා, අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට(26) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කොළඹ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලය නිවේදය කරනුයේ ඒම නියෝජිත පිරිස හෙට (26) සිට ලබන 29වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය…

පෙට්‍රල් නැව අදත් නැහැ ; ඇමැති කනගාටුව පළ කරයි

  මෙරටට ඇනවුම් කොට අද දිනයේ පැමිණෙතැයි කියූ පෙට්‍රල් රැගත් නෞකාව අද සවස දක්වා පැමිණ නොතිබුණු අතර එය පැමිණෙතැයි කළ ප්‍රකාශය පිළිබඳව ඇමැති කාන්චන විජේසේකර මහතා කනගාටුව ප්‍රකාශ කොට ඇත. මෙම පෙට්‍රල් නෞකාව ඊයේ දිනයේ පැමිණෙනු ඇතැයි කලින් ප්‍රකාශ කොට තිබු අතර ඊයේ ප්‍රකාශ කළේ එය අද දිනයේ පැමිණෙන බවයි. එසේ වුව ද , එය…

දස ලක්ෂයකට ඉඩම් ඔප්පු දෙයි

  ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ “සැමට හිමි බිමක්” වැඩසටහන කොළඹ  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (24)ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල්…

ලබන මස මැද සිට අඛණ්ඩ ගෑස් සැපයුමක් – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් කියයි

ලබන මස 5 දා සහ 12 දා අතර ටොන් 7,000 කට වැඩි ගෑස් තොග රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවත්, 10 දා 15 දා අතර ගෑස් ටොන් 25,000 ක් රැගත් නැවක් මාල  දිවයිනේ ස්ථාන ගත කොට කුඩා නැව් මගින් අඛණ්ඩව මෙරටට ගෑස් ලබා දීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි….

ඉන්ධන මිල හෙට වැඩිවෙයි

ජාත්‍යන්තර මිල අනුව ඉන්ධන මිල තීරණය කෙරෙන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකශ කොට අතයු වාර්තා වෙයි. එම මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට…

ගෑස් ටොන් 7,000 ක් ලබන මස එයි

  ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. ලිට්‍රෝ සමාගම මේ වන විට මාසකට ආසන්න කාලකින් ගෑස් ආනයනය කර නොමැති අතර ගෑස් තොග නොමැතිවීමෙන් මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කර…

“රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දෙන්න කව්දෝ සල්ලි අරන් ” – මෛත්‍රීගේ ප්‍රකාශය ගැන රතන හිමිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබාදීමට කිසියම් අයෙකු මුදල් ලබාගෙන ඇති බව බුද්ධි අංශවලින් තමන්ට වාර්තා කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපවාහිනී වැඩ සටහනක දී කළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය. මෙම ඝාතකයාට සමාව දෙන ලෙස කීමට එම පව්ලේ උදවිය සමග රත්න හිමියන් ද…

ඉන්දීය විදේශ ලේකම් ඇතුළු ධුත පිරිස අගමැති හමුවෙති

    ඉන්දීය විශේෂ ගුවන් යානයකින් අද උදේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ ඉන්දීය  නියෝජිත පිරිස සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කළ අග්‍රාමාත්‍ය කාර්යාලය වාර්තා කරයි කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම  සාකච්ඡාව පැවැත්වෙයි. ශ්‍රී ලංකාවට තව දුරටත් මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය…

පෙට්‍රල් රැගත් නැව දිනයක් ප්‍රමාදයි – ඇමති කංචන විජේසේකර

  අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු පෙට්‍රල් රැගත් නෞකාව දිනයක් ප්‍රමාද වී හෙට දිනයේ පැමිණෙනු ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. අද සහ හෙට දින ද්කේ දී පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමා සහිතව නිකුත් කරන බව සහ ඔටෝ ඩීසල් සම්පුර්ණ ධාරිතාවයෙන් නිකුත් කරන බවත් ඇමතිවරයා කියයි.