පෙට්‍රල් නැව අදත් නැහැ ; ඇමැති කනගාටුව පළ කරයි
මෙරටට ඇනවුම් කොට අද දිනයේ පැමිණෙතැයි කියූ පෙට්‍රල් රැගත් නෞකාව අද සවස දක්වා පැමිණ නොතිබුණු අතර එය පැමිණෙතැයි කළ ප්‍රකාශය පිළිබඳව ඇමැති කාන්චන විජේසේකර මහතා කනගාටුව ප්‍රකාශ කොට ඇත.
මෙම පෙට්‍රල් නෞකාව ඊයේ දිනයේ පැමිණෙනු ඇතැයි කලින් ප්‍රකාශ කොට තිබු අතර ඊයේ ප්‍රකාශ කළේ එය අද දිනයේ පැමිණෙන බවයි. එසේ වුව ද , එය අද සවස් වන තුරු මෙරටට ළඟා වී නැත.
මෙම තත්ත්වය තුළ එම නැව පැමිණීම ගැන කිසිවක් ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බව බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
