“රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දෙන්න කව්දෝ සල්ලි අරන් ” – මෛත්‍රීගේ ප්‍රකාශය ගැන රතන හිමිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබාදීමට කිසියම් අයෙකු මුදල් ලබාගෙන ඇති බව බුද්ධි අංශවලින් තමන්ට වාර්තා කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපවාහිනී වැඩ සටහනක දී කළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය.
මෙම ඝාතකයාට සමාව දෙන ලෙස කීමට එම පව්ලේ උදවිය සමග රත්න හිමියන් ද තමා හමු වූ බව හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කොට තිබිණි.
ඒ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්නැයි රතන හිමියෝ ඉල්ලා සිටිති.
