ලබන මස මැද සිට අඛණ්ඩ ගෑස් සැපයුමක් – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් කියයි

ලබන මස 5 දා සහ 12 දා අතර ටොන් 7,000 කට වැඩි ගෑස් තොග රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවත්, 10 දා 15 දා අතර ගෑස් ටොන් 25,000 ක් රැගත් නැවක් මාල දිවයිනේ ස්ථාන ගත කොට කුඩා නැව් මගින් අඛණ්ඩව මෙරටට ගෑස් ලබා දීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ලබන මස මුල් සතියෙන් පසු මෙරටට නොකඩවා ගෑස් ටොන් 32,000 කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත ය. එමගින් දැනට තිබෙන ගෑස් හිගය බොහෝ දුරට අවසන් වනු ඇති කියති.
ඉදිරි මස හතර සඳහා ගෑස් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට ලිට්‍රෝ සමාගම ඕමාන සමාගමක් සමග ගිවිසුම් ගත වී ඇත.
මෙම මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 70 ක් වන මුදල මේ වන විට සපයාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
