අධි ආරක්ෂක කලාප ගැසට්ටුව ඉවත් කරයි

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කොට නිකුත්කොට තිබු ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කොට ඇත. මෙය අධි ආරක්‍ෂිත කලාප තාවකාලික පියවරක් බවත්, ජනාධිපති පැමිණි පසුව සමාලෝචනය කරන බවත්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 26 දා, සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය. ඊයේ පෙරළා පැමිණි…

මිල සුත්‍රයෙන් පෙට්‍රල් මිල අඩු කරයි

  ඛනිජ තෙල් සඳහා ක්‍රියාත්මක මිල සුත්‍රයට අනුව පෙට්‍රල් මිල අද සිට අඩුකොට ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේලකර මහතා කියයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 30 කින් මිල අඩු කොට ඇත. ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 410 ක් වන අතර ඔක්ටේන් 95…

“මම උගුලෙන් ගැලවුණා” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට වූ ජනපති – අගමැති – මුදල් ඇමැති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටු කරන පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත් එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුණේ දින කිහිපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක…

අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමේ නීතියට සජබ නඩු දමයි

    අරගලකරුවන්ට සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නියුතුවූවන්ට එරෙහිව නීති මගින් ක්‍රියා නොකර ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ඉදිරිපත් කොට ඇති නීතියට  එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සම මගින් කියන්නේ එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලු රටවල සහය ඕනෑ – ජපන් විදේශ ඇමැති

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්යුහාගත් කිරීමට ජපන් රජයට කළ හැකි සියලු දේ කරන බවත්, එසේ වුව ද , එය සාර්ථක වීමට අනෙක් සියලු රටවල සහය අවශ්‍ය බවත්, ජපානයේ මුදල් ඇමැති සුනිචි සුසුකි මහතා ප්‍රකාශ කළේය. එම ගැටලුව විසඳීමට අනෙක් ණයහිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද මැදිහත් වියයුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය. ජපානයේ ටෝකියෝ…

’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’ – බලවතුන්ගේ ගැටුම් ගැන රනිල් පිලිපීනයේ දී කියයි

  ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත්  පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා  කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය. “අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ” යැයි  කියමනක් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය. ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය…

ලොව ණය හිමියන් සහ ණය ගැතියන් සාමූහිකව වැඩ කළ යුතුයි – මැනිලා සමුළු මුලසුන ගෙන ජනාධිපති කියයි

  ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද  කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දෙසුම කරමින් පැවසීය. ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම, මධ්‍යම පාන්තික වර්ධනය අඩාල වීම වැනි කරුණු  යුක්රේන යුද්ධය විසින් නිර්මාණය කරන ලද සැපයුම්…

ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ගැන පොලිස් පරීක්ෂණයක්

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ගැන පොලිස් පරීක්ෂණයක් ඇරඹි ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර් තා කරයි. ජමිලා හුසේන්  මාධ්‍යවේදිනිය සපයා ඇති එම වාර් තාව මෙසේය. ආණ්ඩුව පෙරළීමේ රහස් කුමන්ත්‍රණයක් ගැන පොලිසිය ඇතැම් දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි රජයඅධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කිරීමටයයි පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් නව ජනාධිපතිවරයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම වැලැක්වීම සඳහා ඇතැම් කණ්ඩායම් පාර්…

22 සංශෝධනය 6,7 මැතිසබයේ විවාදයට

  ජනාධිපති බලය සීමා කොට පාර් ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන  ඔක්තෝබර් 06 සහ 07 දිනවල විවාදයට ගැනීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙයි. මෙම සංශෝධයට ශ්‍රේෂ්ටාධිකරණය නියම කොට ඇති සංශෝධන ඇතුළත් කොට පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට නියමිත…

ආර් ථිකය ගැන ව්‍යාපාරික, පාරිභෝගික විශ්වාසය ඉහළට – LMD සමීක්ෂණයකින් කියයි

ශ්‍රී ලංකාවේ ආර් ථිකය සම්බන්ධයෙන් ව්‍යාපාරික විශ්වාසය මෙන් ම පාරිභෝගික විශ්වාසය ද ඉහළ ගොස් ඇති බව LMD ව්‍යාපාරික සඟරාව කළ අලුත් ම සමීක්ෂණයෙන් පෙන්නුම් කරයි “මාස කිහිපයක දැඩි දුෂ්කරතාවලින් පසු දිරිගන්වනසුලු සහනයන් ලෙස ආර්ථික ශුභවාදීත්වය නැවත වර්ධනය වී තිබේ. ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය (BCI) සහ පාරිභෝගික විශ්වාසනීය දර්ශකය (CCI) යන දෙකෙහි ම ධනාත්මක වර්ධනයක්  ඇති බව…

|

ජනතාව අරක්කු බීම අඩු වී ආණ්ඩුව අමාරුවේ ! – මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය

  ආර් ථික අපහසුතා හේතුවෙන් ජනතාව මත්පැන් පානය අඩු කොට ඇති නිසා රජයට එයින් ලැබුණු බදු ආදායම සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. පවතින අධික උද්දමනය නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ. මේ වනවිට මත්පැන් බෝතලයක මිලෙන් සියයට 75 ක් බදු වශයෙන් අය කරගනු…

ජපානයේ දී රනිල් -මෝදි හමුවක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේ මහතාගේ  අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත. හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා…