ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ගැන පොලිස් පරීක්ෂණයක්

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ගැන පොලිස් පරීක්ෂණයක් ඇරඹි ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර් තා කරයි. ජමිලා හුසේන්  මාධ්‍යවේදිනිය සපයා ඇති එම වාර් තාව මෙසේය.

ආණ්ඩුව පෙරළීමේ රහස් කුමන්ත්‍රණයක් ගැන පොලිසිය ඇතැම් දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

  • රජයඅධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කිරීමටයයි
  • පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් නව ජනාධිපතිවරයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම වැලැක්වීම සඳහා ඇතැම් කණ්ඩායම් පාර් ලිමේන්තුව අත්පත් කර ගැනීමේ අරමුණින් කටයුතු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ

පසුගිය ජූලි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගෙන නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් ආණ්ඩුව පෙරළීමට ඇතැම් ‘විරෝධතා’ කණ්ඩායම් පෙළඹ වූ ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉහළ පෙළේ ආරංචි මාර්ග ඩේලි මිරර් වෙත පැවසුවේ මෙම දේශපාලනඥයන් එයට සම්බන්ධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවා සිදු කර ඇති අතර ඔවුන්ගේ එම ක්‍රියා පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින  බවයි.

කොළඹ අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමේ පසුගිය සතියේ ගැසට් පත්‍රය ආපසු හරවන බවට වාර්තා පළ වුවද, අධි ආරක්‍ෂිත කලාප අවශ්‍ය වන්නේ ඇයි යන්න සහ ලැයිස්තුගත කර ඇති ආරක්‍ෂිත කලාප  අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිළිබඳව රජය ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වනු ඇති බව ඩේලි මිරර් වෙත වාර්තා වේ..

විමර්ශකයන්ට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට නියමිතව ඇත්තේ ජූලි 9 මහජන විරෝධතාවයෙන් පසු එම ‘මෙහෙයුමේ’ දෙවැනි අදියර බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එය සිදුකර ඇත්තේ  විරෝධතාකරුවන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් වන අතර, ගෝඨාභය රාජපක්ෂ බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් පසු පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගනු ලැබීම  වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව වටකර බලය පවරා ගැනීම එහි සැලැස්ම වී තිබේ.

මෙම පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය වට කිරීමට ද සැලසුම් කර තිබූ බව විමර්ශන නිලධාරීන්ට වාර්තා වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයක අධි ආරක්‍ෂිත කලාප පිහිටුවීමට ආරක්ෂක බලධාරීන් නිර්දේශ කර තිබුණේ මෙම තොරතුරු පදනම් කරගෙනය.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ලබාගෙන නොතිබූ බැවින්, බාධාවකින් තොරව පරිපාලනයක් සහතික කිරීම සඳහා මෙම  අධි ආරක්‍ෂිත කලාප පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ලබාගෙන එහි උපදෙස් ලබා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශ  අතර පාර් ලිමේන්තු සංකීර් ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර් ණය, කොළඹ මහාධිකරණ සංකීර් ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර් ණය- සහ නීතිපති දෙපාර්තමේන්තුව, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර් යාලය, අග්‍රාමාත්‍ය කාර් යාලය සහ යුද හමුදා මූලස්ථානය ද ඇතුළත් වේ..

 (ජමිලා හුසේන්)

ඩේලි මිරර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *