22 සංශෝධනය 6,7 මැතිසබයේ විවාදයට

ජනාධිපති බලය සීමා කොට පාර් ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් 06 සහ 07 දිනවල විවාදයට ගැනීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙයි.
මෙම සංශෝධයට ශ්‍රේෂ්ටාධිකරණය නියම කොට ඇති සංශෝධන ඇතුළත් කොට පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට නියමිත ය.
මේ අතර පාර් ලිමේන්තුව ලබන 03 වන සඳුදා සිට 07 වන සිකුරාදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර ඇත.
