ආර් ථිකය ගැන ව්‍යාපාරික, පාරිභෝගික විශ්වාසය ඉහළට – LMD සමීක්ෂණයකින් කියයි

ශ්‍රී ලංකාවේ ආර් ථිකය සම්බන්ධයෙන් ව්‍යාපාරික විශ්වාසය මෙන් ම පාරිභෝගික විශ්වාසය ද ඉහළ ගොස් ඇති බව LMD ව්‍යාපාරික සඟරාව කළ අලුත් ම සමීක්ෂණයෙන් පෙන්නුම් කරයි

“මාස කිහිපයක දැඩි දුෂ්කරතාවලින් පසු දිරිගන්වනසුලු සහනයන් ලෙස ආර්ථික ශුභවාදීත්වය නැවත වර්ධනය වී තිබේ. ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය (BCI) සහ පාරිභෝගික විශ්වාසනීය දර්ශකය (CCI) යන දෙකෙහි ම ධනාත්මක වර්ධනයක්  ඇති බව පෙනෙන්නට තිබේ ” LMD ව්‍යාපාරික සඟරාව එහි සැප්තැම්බර් සංස්කරණයේ වාර්තා කොට තිබේ..

“ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය (BCI) පසුගිය මාසයේ නීරස ලකුණු 49 සිට 81 දක්වා පදනම් ලකුණු 32 කින් ඉහළ ගොස් ඇත. ඉහළ උද්ධමනය තිබියදීත් පාරිභෝගික විශ්වාසනීය දර්ශකය (CCI) ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ ලකුණු 12 සිට 18 දක්වා පදනම් ලකුණු හයකින් ඉහළ ගොස්  ඇත,” NielsenIQ හි පාරිභෝගික ආකල්ප අංශයේ අධ්‍යක්ෂිකා තෙරිකා මියනදෙණිය ප්‍රකාශ කළාය.

ජූලි මාසයේ ධනාත්මක හැඟීම් සමහරක් අගෝස්තු මාසය දක්වා වර්ධනය වී ඇති බව  LMD වාර්තාව සටහන් කරයි: “ආර්ථිකය පිළිබඳ දැඩි තක්සේරුවක් ඇති LMD-NielsenIQ BCI සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ඉදිරි මාස 12 තුළ පිරිහීමක් අපේක්ෂා කරන සංඛ්‍යාවේ 82% සිට 73% දක්වා අඩුවීමක් දක්නට ලැබේ.

සමීක්ෂණයෙන් පෙන්නුම් කොට ඇත්තේ ආර් ථිකය පිළිබඳව තිබු දරුණු විශ්වාසය බිඳවැටීම යහපත් ලෙස වෙනස් වෙමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *