’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’ – බලවතුන්ගේ ගැටුම් ගැන රනිල් පිලිපීනයේ දී කියයි


 

ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත්  පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා  කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය.

“අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ” යැයි  කියමනක් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්‍ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“සංවර්ධනය වෙමින් පවතින ආසියාව අඳුරු අනාගතයකට මුහුණ දී සිටිනවා. උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම  දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙන බවද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිය අමතමින් ජනාධිපතිවරයා කීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *