උත්තර ලංකා සභාගය දෙදරා යාමේ ප්‍රශ්නයක්‌ ; පිරිසක් රනිල් ලඟට

විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් නායකත්වය දෙන උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එකතුවීමට සාකච්ඡා කරමින් සිටින බව තතු දත් දේශපාලන අංශ කියයි. එම පිරිස අතර ඇතැමුන් ඇමති ධුර හෝ නියෝජ්‍ය ඇමති ධුර බලාපොරොත්තු වන නමුත් ඇතැමුන් කිසිදු තනතුරක් ඉල්ලා නැති බව ද එම ආරංචි මාර් ග කියයි. උත්තර ලංකා සභාගය ලෙස වෙන්ව සිටිමින්…

ඇමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් නෞකාව අද කොළඹට

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි. ධනවත් සංචාරකයින් 108දෙනෙකු රැගත් එම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබේ. එම නෞකාව හෙට(19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි. “ඕෂන් ඔඩිසි” නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ ,කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. එය දෙසැම්බර් 21 වැනිදා…

කෙටි කෑමවල මිලත් රුපියල් 10 කින් පහළට

  සියලු කෙටි කෑම මිල රුපියල් දහයකින් අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කොට ඇති බව වාර් තා වෙයි. සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ, සියලුම කෙටි කෑමවල මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බවයි. ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති…

‘‘ලෝක අරගලවලදී එක පිලකටවත් බෙදෙන්නේ නෑ‘‘ – ජනාධිපති

  දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගල වලදී එක් පිලකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

පොහොට්ටු – එජාප සන්ධානයක් ගැන තවම තීරණයක් නැහැ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් තීරණයක් ගෙන නැති බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකශ කරයි. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ රට වෙනුවෙන් සියලු දෙනා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බව ද ඒ මහතා කියයි. තම පක්ෂය එජාප සමග සන්ධාන ගත වී ඉදිරි…

අනුර යාපාගේ තිදෙනෙක් රනිල් ලඟට !

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින කණ්ඩායමක් ලෙස සිටින අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනකු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගෙන ආණ්ඩුවට එකතුවීමට තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව කියති. මේ තිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යලි එකතු නොවන…

නිෂ්පාදකයින්ගෙන් බිත්තරයට රුපියල් 55 ක උපරිම මිලක්

බිත්තරයකට රුපියල් 55 ක් වූ උපරිම සිල්ලර මිලක් තම සංගමය විසින් නියම කොට ඇති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත. එම සංගමයේ ලේකම් අජිත් ගුණවර්ධන මහතා ප්‍රකශ කළේ රුපියල් 55 මිල ඉක්මවා බිත්තර අලෙවි නොකරන ලෙස තමන් සියලු සිල්ලර වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. බිත්තර නිෂ්පාදකයින් මෙම තීරණය ගෙන ඇත්තේ බිත්තර සඳහා රජයේ පාලන මිල…

පාන් රුපියල් 10 කින් අඩු කරයි ; අනෙක් බේකරි නිෂ්පාදන මිලත් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට වලංගුවන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුකර විකුණන ලෙස එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියි පාන් පිටි මිල සහ වෙනත් අමුද්‍රව්‍ය මිල පහත වැටීමේ තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත බව කියති.

හේෂා විතානගේ ඉල්ලා අස්වේ ; අස්වීමේ ලිපිය මහ ලේකම්ට

  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමගි ජන බලවේගයට එකතු වුවද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනස් නැති බව ඔහු පවසා…

ශ්‍රී ලංකාවට නව ආයෝජන ගෙනඒමට එරික් සෝල්හයිම් සූදානම්

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසයි. ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග ඊයේ (16) පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා, “ජනාධිපති…

ණය ගැන කතා කරන්න චීනය කැමති වේ

  ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත. මෙම වට මේස සාකච්ඡාව ඉහළම මට්ටමින් පැවැත්විය යුතු බවත් එයට ණය හිමියන්, ණය ලබාගත් ඇතැම් පාර්ශ්ව සහ…

ජනාධිපතිට ජනතා අකමැත්ත අඩුවෙයි ;මත විමසුමේ ප‍්‍රතිඵල මෙන්න

  ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ගැඹුරු ලෙසම අහිතකර මට්ටමක පවතින බව IHP ආයතනය කළ නවතම සමීක්ෂණයකදී අණාවරණය වී තිබේ. මෙහි කැපී පෙනන කරුණ වන්නේ ජනපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාවගෙ පවතින අහිතකර අදහස් අඩු මට්ටමක පවතී. නොවැම්බර් මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස්වල පවතින…