නිෂ්පාදකයින්ගෙන් බිත්තරයට රුපියල් 55 ක උපරිම මිලක්

බිත්තරයකට රුපියල් 55 ක් වූ උපරිම සිල්ලර මිලක් තම සංගමය විසින් නියම කොට ඇති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත.
එම සංගමයේ ලේකම් අජිත් ගුණවර්ධන මහතා ප්‍රකශ කළේ රුපියල් 55 මිල ඉක්මවා බිත්තර අලෙවි නොකරන ලෙස තමන් සියලු සිල්ලර වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.
බිත්තර නිෂ්පාදකයින් මෙම තීරණය ගෙන ඇත්තේ බිත්තර සඳහා රජයේ පාලන මිල ගැසට් පත්‍රය අධිකරණය විසින් අත් හිටුවා තිබියදීය.
