පොහොට්ටු – එජාප සන්ධානයක් ගැන තවම තීරණයක් නැහැ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් තීරණයක් ගෙන නැති බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකශ කරයි.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේ පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ රට වෙනුවෙන් සියලු දෙනා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බව ද ඒ මහතා කියයි.
තම පක්ෂය එජාප සමග සන්ධාන ගත වී ඉදිරි මැතිවරණ තරග කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
