IMF සහාය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධයෙන් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (17) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව විදේස කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඉතාම සුබවාදී ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම…

රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද කරයි

  රජයේ විධායක නිලධාරීන් සඳහා වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. මුදල් සපයාගත නොහැකි බව මහා භාණ්ඩාගාරය දැනුම් දීම නිසා මෙම පියවර ගෙන තිබේ. විධායක නොවන ශ්‍රේණිවල සේවක වැටුප් නියමිත පරිදි ගෙවනු ඇත.

ව්‍යවස්ථා අවුල ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත්  ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. සිවිල් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සඳහා ලබන 19 වැනිදා නැවතත්  රැස්වීමට නියමිතව ඇතැයිද  ඔහු සඳහන් කළේ‍ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට  සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා…

තනිවම යන්න ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය තීරණය කරයි

  උත්සව ශ්‍රීයෙන්  අලුතින් පිහිටුවාගත් නිදහස් ජනතා සන්ධානය සහ එහි ඡන්ද ලකුණ වන  හෙලිකොප්ටරය අතහැර පළාත් පාලන මැතිවරණය තනිව තරඟ කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය අද තීන්දු කළ බව එම පක්ෂය ප්‍රකාශ කරයි. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළඹ තිබේ. පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය ගියේ වෙනත් පක්ෂවලින් එල්ල වූ පීඩනය නිසා…

අඩු ආදායම්ලාභීන්ට මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදෙයි

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්…

|

ද්වේශ සහගතව චෝදනා කොට අපහාස කළයි සරුවා සුනිල් බිලියනයක් වන්දි ඉල්ලයි !

  2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් තමාට ද්වේෂසහගත චේතනාවෙන් චෝදනා එල්ල කළේ යැයි කියමින් නීතිපතිවරයාගෙන් සහ පොලිස් නිලධාරීන්  දෙදෙනෙකුගෙන්  රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. 2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම (ව්‍යවස්ථාපිත දූෂණය)…

මැයි 09 වනදා පහර දී ගිනිබත් කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම විභාගයට

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොන්කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබේ. පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සමේ…

ශ්‍රී ලංකාවට කොළ එළියක් රැගෙන විදේශ ඇමති ජයිෂන්කර් එයි

  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත වාර්තා කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම පිළිබඳ එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනු ඇතැයි එම…

ගාල්ලේ ආයතන සියල්ලට එජාපය ඇප බඳියි

  එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම අවස්ථාවට බලයලත් නියෝජිතයන් මෙන්ම ගාල්ල මහා නගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපති ෆවුසුල් නියාස්, විපක්ෂ…

පාඨලී – වෙල්ගම අලුත් සන්ධානයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ. අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. “අපි 43 වන සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණ ඉලක්ක…

ශ්‍රීලනිපයත් තනිව එන්න සාකච්ඡා

  පළාත්  පාලන මැතිවරණයට තනිව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි. ඇතැම් පළාත්වල අපේක්ෂකයින් තේරීමේ ගැටළු මෙයට හේතු වී ඇති බව කියති. ඒ අනුව සන්ධානයෙන් තරග කරන ගමන් ආයතන කිහිපයකට ශ්‍රීලනිප ලෙස තරග කිරීමට ඔවුන් අදහස් කළ ද එයට අනෙක් පක්ෂ විරුද්ධ වී තිබේ. ඒ අනුව හෙලිකොප්ටරය අතහැර අත…

එජාප තනිව රට පුරා තරඟ කරයි

  එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් රට පුරා පළාත් පාලන ආයතන සඳහා තරග වැදීමට තීරණය කොට ඇති බව එම පක්ෂයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව පක්ෂය වෙනුවෙන් රට පුරා අප තැන්පත් කිරීම අඟහරුවාදා (17) සිදු කිරීමට තීරණය කොට ඇත. මෙවර තරුණ සහ අලුත් පිරිස වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට ද එජාපය සැලසුම් කොට ඇත….