ශ්‍රීලනිපයත් තනිව එන්න සාකච්ඡා

පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.
ඇතැම් පළාත්වල අපේක්ෂකයින් තේරීමේ ගැටළු මෙයට හේතු වී ඇති බව කියති.
ඒ අනුව සන්ධානයෙන් තරග කරන ගමන් ආයතන කිහිපයකට ශ්‍රීලනිප ලෙස තරග කිරීමට ඔවුන් අදහස් කළ ද එයට අනෙක් පක්ෂ විරුද්ධ වී තිබේ.
ඒ අනුව හෙලිකොප්ටරය අතහැර අත ලකුණින් තරග කිරීම ගැන එම පක්ෂය සාකච්ඡා කරමින් සිටියි.
