එජාප තනිව රට පුරා තරඟ කරයි

 

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් රට පුරා පළාත් පාලන ආයතන සඳහා තරග වැදීමට තීරණය කොට ඇති බව එම පක්ෂයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව පක්ෂය වෙනුවෙන් රට පුරා අප තැන්පත් කිරීම අඟහරුවාදා (17) සිදු කිරීමට තීරණය කොට ඇත.

මෙවර තරුණ සහ අලුත් පිරිස වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට ද එජාපය සැලසුම් කොට ඇත.

මැතිවරණය සඳහා පොහොට්ටුව හෝ වෙනත් ප්‍රධාන පක්ෂ සමග සන්ධාන ගත නොවන බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *