IMF සහාය ගැන සුබ ආරංචියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධයෙන් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (17) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව විදේස කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඉතාම සුබවාදී ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවත්, චීනයත්, ජපානයත් අතර එකඟතා ඇතිවෙමින් පවතින බවත් ඒ එකඟතාවයන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මුල් කාර්තුවේ දී අත්සන් කිරීමට ඉඩ තිබෙන බව ප්‍රකාශ කළා.”

