තනතුර අහිමිවූ හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

  පසුගිය කොවිඩ් කාලය පුරා කාලය, ශ්‍රමය හා දැනුම කැපකරමින් තමා සිදුකළ සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබානොගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, එවැනි කැපකිරීමක් සිදුකරමින් ඉටුකළ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාට දුකක් ඇති බවය. තමාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත්…

කෘෂිකර්ම ලේකම් හදිසියේ ඉවත් කළේ ආහාර හිගයක් ඇතිවන බව කී නිසා !

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත් කේ ජයසිංහ මහතා හදිසියේ තනතුරින් ඉවත් කරන ලද්දේ ආහාර හිගයක් ඇති විය හැකි බවටත් එසේ වුවහොත් අත්‍යවශ්‍ය අයට ආහාර ලබා දීම සඳහා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවටත් ඒ මහතා ඊයේ කළ ප්‍රකාශයක් බව තතු දත් දේශපාලන අංශ කියයි. ආහාර හිගයක දී දරුවන්ට , තරුණයින්ට, ගැබිණි මව්වරුන්ට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින්…

අද කොවිඩ් වාර්තා : මරණ 16 යි ; නව ආසාදිතයින් 673 යි

රජය අද දිනය තුළ තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 කි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,811 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ හඳුනාගනු ලැබූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 673 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 581,595 ක්…

කාබනික වගාව එකවර බෑ කියූ කෘෂිකර්ම ලේකම් වහාම තනතුරින් ඉවතට

කාබනික කෘෂිකර්මය එකවර කළ නොහැකි බවත්, එසේ කිරීමට උපදෙස් දුන් අය ජනාධිපතිතුමා නොමග යවා ඇති බවත්, පසුගිය කාලයේ ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කරනු ලැබ ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස  ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී….

ආහාර කන්ටේනර් වරායේ සිර වී ඇති බවක් මා දන්නේ නැහැ, එහෙම වෙන්න බෑ – මහ බැංකු අධිපති කබ්රාල්

මෙරටට  අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ අඩංගු කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් වරායේ සිර වී ඇති බවක් තමන් නොදන්නා බවත්, එය සිදුවිය නොහැකි දෙයක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. එසේ භාණ්ඩ සිර වී ඇත්නම් ඒ බව තමන්ට දැනුම් දිය යුතු බවත්, එලෙස ලැයිස්තුවක් ඉදිරිපත් කළ හොත් ඒවා නිදහස් කිරීමට පියවර…

උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ බවත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය  සියයට 8.3 ක්ව පැවතුණු බවත් මහ බැංකුව කියයි. නොවැම්බර් මස සියයට 11.1 ක් වූ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යෑමක් බවත් ආහාර සහ…

තවත් කොවිඩ් මරණ 24 ක් , නව ආසාදිතයින් 713 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 24 කි. මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 14,795 ක් වශයෙනි. අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 713  ක් ලෙස අද රාත්‍රී වන විට වාර්තා කොට තිබිණි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සංඛ්යවසටහන් වන්නේ…

තෙල් මිලත් සමග බස් , තීවීල් ගාස්තුත් ඉහළට ; යෝජිත අවම ගාස්තු : බස් රු.25 යි , තීවීල් 80 යි

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඛනිජ තෙල් මිල වැඩි කිරීමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ද , පලමු කිලෝ මීටරය සඳහා දැනට රුපියල් 50 ක් වන අවම ගාස්තුව රුපියල් 80 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී තිබේ . අනෙකුත් ගාස්තු ද ඒ අනුව වැඩි වනු ඇත. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ නව තෙල් මිල…

අපි එදා මංගලට හිනා උනාට මිල සූත්‍රය හොඳයි කියලා දැන් තේරෙනවා – ඩලස්

ඉන්ධන මිල යළිත් හදිසියේ ඉහළ දැමීමට සිදුවූයේ විදේශ සංචිත අර්බුදයට විසඳුමක් ලෙස බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය කෙරෙහි 03% ක බලපෑමක් ඇති කරනු ඇති බවද ඇමතිවරයා සඳහන් කරනවා. ඉන්ධන ආනයනය වෙනුවෙන් සෑම මසකදීම ඇමරිකානු ඩොලර් මිලියන 350 – 400 අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත්,…

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගෙන්වන කැබිනට් රැස්වීම ජනවාරි 3 දාට කල් යයි

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා සහ මහ බැංකු අධිපතිවරයා කැඳවා කරන විශේෂ කැබිනට් රැස්වීම ජනවාරි මස 03 දා දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි. පසුගිය 13 දාට යොදාගෙන තිබුණු මෙම රැස්වීම ජනාධිපතිතුමා හදිසියේ විදේශ ගතවීම නිසා නොපැවැත්විණි. ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඔවුන් දෙදෙනා කැඳවා…

අද කොවිඩ් මරණ 19 ක් , නව ආසාදිතයින් 524 ක් වාර්තා වෙයි.

රජය අද තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 කි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,771 ලෙස සටහන් වෙයි. අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 524 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 580,209 ක් වශයෙනි.

පෙට්රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහා ම වැඩි කරනු – මහ බැංකු අධිපති මුදල් ඇමතිට කියයි

පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වැඩි කර ඉන්ධන මිල කඩිනමින් ඉහළ දමන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇතැයි…