කෘෂිකර්ම ලේකම් හදිසියේ ඉවත් කළේ ආහාර හිගයක් ඇතිවන බව කී නිසා !

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත් කේ ජයසිංහ මහතා හදිසියේ තනතුරින් ඉවත් කරන ලද්දේ ආහාර හිගයක් ඇති විය හැකි බවටත් එසේ වුවහොත් අත්‍යවශ්‍ය අයට ආහාර ලබා දීම සඳහා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවටත් ඒ මහතා ඊයේ කළ ප්‍රකාශයක් බව තතු දත් දේශපාලන අංශ කියයි.
ආහාර හිගයක දී දරුවන්ට , තරුණයින්ට, ගැබිණි මව්වරුන්ට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් යුතු අයට වැනි ප්‍රමුඛතා දිය යුතු පිරිස් සඳහා ආහාර ලබාදීමට ක්‍රමයක් යෙදිය යුතු බවටත්, අනෙක් අයට ආහාර සීමා කිරීමට සිදුවනු ඇති බවත් ඒ මහතා ඊයේ ප්‍රකාශ කොට තිබිණි.
එමෙන් ම කිරි වැනි ආහාර අත්‍යවශ්‍ය ගණයට වැටෙන බවත්, ඇපල්, දොඩම් ආදිය ගෙන්වීම සීමා කළ යුතු බවත් මහාචාර්ය ජයසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වී ය.
අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික නොමැති වීම නිසා මේ වනවිට මාස් කන්නයේ ගොවිතැන සහ එළවලු ආදී අනෙක් ගොවිතැන් ද විශාල ලෙස විනාශ වී තිබීම නිසා ඉදිරියේ ආහාර හිගයක් ඇතිවීම නොවැලක්විය හැකි බව තතු දත් විශේෂඥ මතය වී තිබේ.
එම තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගැනීම නිසා කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා වහාම ඉවත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු කොට තිබේ.
ජයසිංහ මහතා මීට පෙර කාබනික ගොවිතැන ගැන කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා නොසතුටින් සිටි බව කියති.
වයඹ සරසවියේ උප කුලපතිව සිටි මහාචාර්ය ජයසිංහ මහතා රජයෙන් ලද ඉල්ලීමක් මත කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරය භාරගත්තේ පසුගිය ජුනි මාසයේ ය. ඔහුගේ ලේකම් තනතුර මාස හයකට සීමා වී ය.
