කාබනික වගාව එකවර බෑ කියූ කෘෂිකර්ම ලේකම් වහාම තනතුරින් ඉවතට

කාබනික කෘෂිකර්මය එකවර කළ නොහැකි බවත්, එසේ කිරීමට උපදෙස් දුන් අය ජනාධිපතිතුමා නොමග යවා ඇති බවත්, පසුගිය කාලයේ ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබ ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා කාබනික පොහොර සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ඉදිරිපත් කළේය.
පෙර සිටි අමාත්‍යංශ ලේකම් ඉවත් කොට මහාචාර්ය උදිත ජයසිංහ මහතා පත්කර ගන්නා ලද්දේ ද කාබනික ගොවිතැන වහා ම ප්‍රවර්ධනය කිරීම සඳහා ම ය. දැන් ඒ මහතා ද ඉවත් කොට තිබේ.
මෙයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
අනුෂ පැල්පිට මහතාගේ එම පත්වීම බල පැවැත්වෙන්නේ ජනවාරි මස 1 වැනිදා සිටය.
පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.
