ආහාර කන්ටේනර් වරායේ සිර වී ඇති බවක් මා දන්නේ නැහැ, එහෙම වෙන්න බෑ – මහ බැංකු අධිපති කබ්රාල්

මෙරටට අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ අඩංගු කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් වරායේ සිර වී ඇති බවක් තමන් නොදන්නා බවත්, එය සිදුවිය නොහැකි දෙයක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. එසේ භාණ්ඩ සිර වී ඇත්නම් ඒ බව තමන්ට දැනුම් දිය යුතු බවත්, එලෙස ලැයිස්තුවක් ඉදිරිපත් කළ හොත් ඒවා නිදහස් කිරීමට පියවර ගත හැකි බවත් ඒ මහතා කියයි. මීට පෙර ලැබුණු එබඳු ලැයිස්තුවක් නිදහස් කළ බව කී මහ බැංකු අධිපතිවරයා කීවේ දිනපතා විශාල පිරිසක් බඩු කන්ටේනර් නිදහස් කර ගනිද්දී තවත් පිරිසකට ඒවා නිදහස් කර ගැනීමට නොහැකි වීමට හේතුවක් නැති බවයි.
හිරු රුපවාහිනී සේවයේ සලකුණ වැඩ සටහනට ඊයේ සම්බන්ධ වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.
වරායේ හිර වී ඇති භාණ්ඩ ලැයිස්තුවක් මහ බැංකුවට ලබා දී නැති දැයි ප්‍රශ්න කළ විට ඒ මහතා කීවේ එය හරියට ම නොදන්නා බවයි. එසේ දී ඇත්නම් එම කන්ටේනර් හා භාණ්ඩ මොනවාදැයි ප්‍රකාශ කළ යුතු බව ද ඒ මහතා කීය.
භාණ්ඩ ගෙන්වීමට මහ බැංකුව ඩොලර් නිකුත් නොකරන බවට කිරිපිටි සහ වෙනත් ආනයන කරුවන් කරන ප්‍රකාශ ගැන විමසු විට ඒ මහතා කීවේ ආනයන කරුවන් විශාල පිරිසක් දිනපතා ඩොලර් ලබාගෙන භාණ්ඩ ගෙන්වන බව සහ පිරිසකට එම හැකියාව තිබිය දී තවත් පිරිසකට එසේ කිරීමට නොහැකි වීමට හේතුවක් නැති බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීම ගැන ප්‍රශ්න කළ විට මහ බැංකු අධිපතිවරයා කීවේ තමන් කියා ඇත්තේ දෙසැම්බර් 31 දාට විදේශ සංචිත ඩොලර් බිලියන තුනක් මට්ටමට ගෙනෙන බවය යනුවෙනි ඊට පෙර ඒ ගැන ප්‍රශ්න නොකළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.
