නව මැතිවරණ කොමිසමට හිටපු කොමසාරිස්වරු කිහිප දෙනෙක් !

  අලුතින් පත්කරන මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ කොමිසමේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මැතිවරණ ගැන ප්‍රයෝගික අත්දැකීම් ඇති පිරිසක් කොමිසමේ සිටිය යුතු බව සැලකිල්ලට ගනිමින් මෙම පත්කිරීම් සිදුකරනු ඇතැයි කියති. මෙම කොමිසන් සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් අවසන් වෙයි. ඉන් පසු සුදුස්සන් තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මගින්…

13 සංශෝධනය ගැන මුනිවත රකින්න ජාජබ තීරණය කරයි

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ගැන පක්ෂව හෝ විපක්ෂව කිසිවක් ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි. 13 වැනි සංශෝධනයට තමන් පක්ෂ බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසුරිය මහත්මිය ප්‍රකාශ කිරීමෙන් පක්ෂය තුළ ඇතිවූ මත ගැටුමකින් පසුව…

කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම අද සිට

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද (15) සිට ආරම්භ වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු අදින් (15) අවසන් වෙයි. මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අයදුම්පත් බාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට…

විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගිතා කොමිසමේ අනුමැතිය ; සභාපති ජනකගේ ඉල්ලීම ඉවතට

  විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ බහුතර ඡන්දයෙන් අද අනුමත වූ බව වාර්තා වෙයි. එම ගාස්තු සංශෝධනයට එරෙහිව සභාපති ජනක රත්නායක ඉදිරිපත් කළ යෝජනාව සෙසු සාමාජිකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වැරදි ගණනය කිරීම් මත පදනම්වුවක් ලෙස සලකමිනි. ඩීසල් , පෙට්‍රල් රුපියල් 250 කට දිය හැකි…

නොමිලේ සහල් බෙදන පවුල් සංඛ්‍යාව විසි අට ලක්ෂ පනස් දහස දක්වා ඉහළට

  මාර්තු, අප්‍රේල් මාස සඳහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදෙන පවුල් සංඛ්‍යාව විසි අට ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නියෝග කළේය. මෙම සහනය ලක්ෂ විස්සක ජනයාට ලබා දීමට කලින් තීරණය කොට තිබුණ ද, අවශ්‍යතා ඇති සංඛ්‍යාව විසි අට ලක්ෂයක් බව නිලධරීන්ගේ සමීක්ෂණ මගින් පෙනී ගොස් තිබීම නිසා මෙම…

මේ රනිල් තනියම ගහන ගේම් එකක් – නවීන් දිසානායක

  ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක  කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. නමුත් ජනාධිපතිවරයා ගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බව කී දිසානායක මහතා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත්  දිය යුතු යැයිද ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි යැයිද කීය. අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන්…

තැපැල් ඡන්දය කල් දමයි

  පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නැතිව කල් දැමු බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි. එම ඡන්ද පත්‍රිකා හෙට සිට බෙදා හැරීමට නියමිතව තිබුන ද එය ද සිදු නොකරනු ඇත. පක්ෂ ලේකම්වරුන් සමග අද පැවති සාකච්ඡාවකින් පසුව මැතිවරණ කොමිසම මේ බව නිවේදනය කොට තිබේ.  

ජනවාරි සංචාරක පැමිණීමෙන් තෙල් නැව් හතරකට ගෙවන්න ආදායමක්

  පසුගිය ජනවාරි මාසයේ සංචාරක පැමිණීමෙන් ලැබූ ආදායම ඩොලර් මිලියන 161.8 ක් බව වාර්තා වෙයි. මෙය සාමාන්‍යයෙන් තෙල් නැව් හතරකට ගෙවීම් කිරීමට ප්‍රමාණවත් මුදලක් බව කියති. ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන  සඳහන් කරන්නේ 2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 161.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය 2022 ජනවාරි මාසයේ…

මැතිවරණය කල් දමන්නැයි ඉදිරිපත් කළ රිට් පෙත්සම තැපැල් ඡන්දයට පෙර වැඩිදුර සලකා බැලීමට මෝසමක්

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින්, වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කැඳවන ලෙස…

ණය ගැන පළමු ලෝක සමුළුව සිකුරාදා නවදිල්ලියේ දී

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ  ජී 7 රටවල් හතක කණ්ඩායමේ නිලධාරීන් සිකුරාදා නව ස්වෛරී ණය වටමේසයක පළමු අතථ්‍ය රැස්වීමකට සහභාගී වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳුදා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි . ජී 7 කණ්ඩායමට ඇමෙරිකාව, බ්‍රතන්‍යය ,ප්‍රංශය, ජර්මනිය , කැනඩාව, ජපානය සහ ඉතාලිය ඇතුළත් ය. චීනය, ඉන්දියාව, සෞදි අරාබිය ආරාධිතයින් ලෙස…

උපයෝගිතා කොමිසමට තවත් සාමාජිකයෙක් – එස්. ජී සේනාරත්නට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

‍මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් එස්.ජී සේනාරත්න මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී තිබේ. වාර්තා වන්නේ ඊයේ (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අදාළ පත්කිරීම සිදුකර ඇති බවය. මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් පසුගියදා ඉල්ලා අස්වුණි. ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු…

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (14) පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර ‍එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත…