විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගිතා කොමිසමේ අනුමැතිය ; සභාපති ජනකගේ ඉල්ලීම ඉවතට

 

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ බහුතර ඡන්දයෙන් අද අනුමත වූ බව වාර්තා වෙයි.

එම ගාස්තු සංශෝධනයට එරෙහිව සභාපති ජනක රත්නායක ඉදිරිපත් කළ යෝජනාව සෙසු සාමාජිකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වැරදි ගණනය කිරීම් මත පදනම්වුවක් ලෙස සලකමිනි.

ඩීසල් , පෙට්‍රල් රුපියල් 250 කට දිය හැකි යැයි මාස කිහිපයකට පෙර ජනක රත්නායක මහතා කෝප් අමිටුව ඉදිරියේ කළ ප්‍රකාශය ද එම අවස්ථාවේ සිටි අනෙකුත් සාමාජිකයින් විසින් ඒ අවස්ථාවේ දී ම ප්‍රතික්ෂේප කළේය.

කොමිසමේ අදහස් නොතකා ජනක රත්නායක මහතා කටයුතු කරන බව කියමින් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් පසුගියදා ඉල්ලා අස් වූ අතර එක් සාමාජිකයකු ඊට පෙර ඉල්ලා අස් වී තිබිණි.

විදුලි ගාස්තු සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කළේ රත්නායක මහතා හිතුවක්කාර ලෙස කටයුතු කොට ඇති බැවින් නඩු ගාස්තු ද පුද්ගලිකව ගෙවන ලෙස නියෝග කරමිනි.

එලෙස ඇතිවූ පුරප්පාඩු තුනෙන් දෙකක් මේ වන විට පුරවා ඇත.

දෙවන පුරප්පාඩුව පිරවීමට පෙර පසුගිය සතියේ ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ කොමිසමේ ඉන්නේ තිදෙනකු බව සහ තමන්ට ඡන්ද දෙකක් හිමි බවත්, ගාස්තු වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බවත් ය.

ජනක රත්නායක මහතා තනතුරින් ඉවත්කිරීම සඳහා චෝදනා 14 ක් සහිත චෝදනා පත්‍රයක් මේ වනවිට සකසා ඇති නමුත් ඔහු ඉවත්කිරීම ගාස්තු සංශෝධන යෝජනාව පිලිබඳ තීන්දුව ගැනීමෙන් පසු සිදු කිරීමට රජය තීරණය කොට තිබිණි.

පසුගිය සැප්තැම්බරයේ තමන් ඉදිරිපත් කළ ගාස්තු සංශෝධනයට ඉඩ නොදීමෙන් ජනක රත්නායක මහතා වත්මන් අර්බුදයට වගකිව යුත්තෙකු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති.

වියදම අදික වූ විට කවුරුන් කැමති වුනත් අඩුවට විදුලිය දිය නොහැකි බව ඔවුහු කියති. එහි ප්‍රතිඵලය වන්නේ දිගට ම විදුලිය කැපීමට සිදුවීම යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *