ජනවාරි සංචාරක පැමිණීමෙන් තෙල් නැව් හතරකට ගෙවන්න ආදායමක්

පසුගිය ජනවාරි මාසයේ සංචාරක පැමිණීමෙන් ලැබූ ආදායම ඩොලර් මිලියන 161.8 ක් බව වාර්තා වෙයි. මෙය සාමාන්‍යයෙන් තෙල් නැව් හතරකට ගෙවීම් කිරීමට ප්‍රමාණවත් මුදලක් බව කියති.
ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ 2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 161.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය 2022 ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 151.7 හා සැසඳීමේ දී 6.7% ක වර්ධනයක් වේ.
2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් වන අතර එය 2022 ජනවාරි මාසයේ අගය වූ 82,327 හා සැසඳීමේ දී 24.6% ක ඉහළ යාමකි.
මේ වනවිට රටේ ඩොලර් ඉපයීම් වර්ධනය වෙමින් පවතින නමුත් ඩොලර් මිල දී ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් නැති බව වාර්තා වෙයි. විදුලිගාස්තු සංශෝධනයට අවසර නොලැබීම එයට ප්‍රධාන හේතුවක් බව කියති.
මුදල් නොගෙවීම නිසා මේ වන විට ගල් අඟුරු නැව් දෙකක් ගොඩ බා ගත නොහැකිව පුත්තලම වරායේ නැංගුරම් ල ඇත.
