ණය ගැන පළමු ලෝක සමුළුව සිකුරාදා නවදිල්ලියේ දී

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ  ජී 7 රටවල් හතක කණ්ඩායමේ නිලධාරීන් සිකුරාදා නව ස්වෛරී ණය වටමේසයක පළමු අතථ්‍ය රැස්වීමකට සහභාගී වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳුදා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි . ජී 7 කණ්ඩායමට ඇමෙරිකාව, බ්‍රතන්‍යය ,ප්‍රංශය, ජර්මනිය , කැනඩාව, ජපානය සහ ඉතාලිය ඇතුළත් ය. චීනය, ඉන්දියාව, සෞදි අරාබිය ආරාධිතයින් ලෙස සමුළුවට සහභාගී වනු ඇත.

ඉතියෝපියාව, සැම්බියාව සහ ඝානාව ආදී රටවල්චීනය,  ජී – 20 කණ්ඩායමේ පොදු රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති රටවල මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනාම් සහ ඉක්වදෝරය වැනි මධ්‍යම ආදායම් ලබන රටවල් සන්බන්ධයෙන් ද මෙම වටමේස සාකච්ඡාවේ දී පොදු වැඩ පිළිවෙළකට සම්මුතියක් ඇතිකර ගැනීමට අපේක්ෂා කෙරෙයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සාකච්ඡාවට සියලු පාර්ශව අන්තර්ජාලය ඔස්සේ සහභාගී කර ගැනීමට සැලසුම්  කොට ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *