පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

  පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කොට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ  රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට…

මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ‍ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත. මේ අතර මැයි…

භාණ්ඩාගාර බිල් පොලියේ දැවැන්ත පහළ යාමක්

අද (05) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතික 23% සිට 17.79%ක් දක්වා ත්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිය 19.49% සිට 15.93% ක් දක්වා ත් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 16.99% සිට 13.86% ක් දක්වා ත්…

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට යලි පැන දෙන්න තීන්දු කරයි

  ජපන් රජයේ සහන ණය යෝජනා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නැවත දමනු ලැබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ සඳහා ජපන් රාජ්‍ය තාන්ත්‍රික සේවා සමග සාකච්ඡා යලි ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවට මෙලෙස අනුමත කොට ඇත.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක්

  ලෝක බැංකුවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් මිලියන 700ක මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් මෙරටට ලැබී තිබේ. මෙරට අය-වැය සඳහා සහාය වීම වෙනුවෙන් මෙම මුදල දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ අනුමැතිය දැනටමත් හිමිව…

පොලී අනුපාත අද දිනය තුළ සියයට 12 කින් පහළට

  දේශීය වෙළෙඳපොළේ බැඳුම්කර පොලී අනුපාත අද දිනය තුළ සියයට 10 සිට 12 දක්වා වූ වාර්තාගත ප්‍රමාණයකින් පහළ ගිය බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා බිස්නස් ටී වී වාර්තා කළේ පසුගිය සතියේ සියයට 27 ක් 28 ක් තරම් ඉහළ මිලකට අලෙවි වූ බැඳුම්කර අද දිනයේ අලෙවි වුයේ සියයට 14.25 සහ 15.75 අතර මිල ගණන්වලට බව යි….

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසා සිටියේ, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කළ බවයි. කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක…

කොළඹ කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

  කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (04) සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබී තිබේ. සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 633.69ක් හෙවත් 6.71%කින් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව දිනය නිමා වනවිට එම අගය සටහන් වූයේ 10,076.64ක් ලෙසය. පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 7.14ක් ලෙසය. මේ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 279.17 කින් ඉහළ ගොස් ඒකක 2,992.82 ක් දක්වා…

පොලිස්පති පත් කිරීම කාදිනල් හිමිටම භාර දුන්නොත් හරියයි ද ?

රටේ පොලිස්පති තනතුර හිස්වෙලා සතියකුත් ගතවෙලා. නමුත් තවම අවම වශයෙන් වැඩ බලන පොලිස්පතිවරයෙක්වත් පත් කරලා නෑ. ඔය අතරේ පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් ලිපියක් යවලා කියලා ආරංචියි. මෙවර ලිපිය හදලා තියෙන්නේ අරගලයේ කට්ටියක් එක්ක එකතුවෙලා කියලත් ආරංචියි . කොළඹ අගරදගුරු මැදුරේ ඉඳන් ශෙහාන් මාලක ගමගේ…

ජනාධිපති, සජිත්ව කැදවයි ; ලොකු බලයක් දෙන බව කියයි ; ජනාධිපති වෙන්නත් පාර කියයි

  බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර…

ශ‍්‍රී ලංකාව අර්බුදය ජයගත්තා; දැන් ඔවුන් ස්ථාවර ආර්ථික ගමනකයි – Bloomberg

  ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි. ශ‍්‍රී ලංකාව ස්ථාවට ආර්ථික ගමනක් මේ වන විට ආරම්භ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි. ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි වුවහොත් විදේශ ආයෝජනය වැඩි වශයෙන් ගෙන්වාගෙන සාර්ථක ගමනක් යාමට ශ්‍රී…

පතිනායක පොලිස්පති කරන ලෙස අග රදගුරුගෙන් නිර්දේශයක් !

    ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙස කතෝලික සභාවේ අග රදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ රජයට දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි අග රදගුරු තුමා කතානායක තුමාට සහ ජනාධිපති තුමාට යවන ලද ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ පාස්කු ප්‍රහාර වලක්වා ගත් නොහැකි වූ බවට චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයකු…