පතිනායක පොලිස්පති කරන ලෙස අග රදගුරුගෙන් නිර්දේශයක් !

 

 

ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙස කතෝලික සභාවේ අග රදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ රජයට දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි

අග රදගුරු තුමා කතානායක තුමාට සහ ජනාධිපති තුමාට යවන ලද ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ පාස්කු ප්‍රහාර වලක්වා ගත් නොහැකි වූ බවට චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලිස්පති ලෙස පත් නොකරන ලෙස යි. ඒ අනුව ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජෙෂට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගෙන් කෙනෙකු පොලිස්පති ලෙස පත් නොකළ යුතු ය යන්න අග රදගුරු තුමාගේ ඉල්ලීම වී තිබේ.

ඒ අනුව පොලිස්පති ධුරය හිමි විය යුතු වන්නේ ජෙෂ්ටත්වයෙන් තෙවැනි තැන සිටින ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක මහතාට ය.

පොලිස්පති තනතුර සඳහා පත් කිරීම  ජෙෂ්ටත්වය අනුව නම් තුනක් ජනධිපතිතුමා විසින් ව්‍යවස්ථා සභාව වෙත යැවීමට නියමිත ය. ඉන් එක් අයෙකු පොලිස්පති තනතුර සඳහා තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව විසින් සිදුකළ යුතුව ඇත.

ව්‍යවස්ථා සභාව අග රදගුරු තුමාගේ නිර්දේශ අනුව කටයුතු කළ හොත් එල් එස් පතිනායක මහතා මීළඟ පොලිස්පති ලෙස පත් කළ යුතුව ඇති බව දේශපාලන අංශ ප්‍රකාශ කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *