පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කොට ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කොට ඇත.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ අදහස් පලකොට තිබේ.
“රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබාගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.”
