පොලී අනුපාත අද දිනය තුළ සියයට 12 කින් පහළට

දේශීය වෙළෙඳපොළේ බැඳුම්කර පොලී අනුපාත අද දිනය තුළ සියයට 10 සිට 12 දක්වා වූ වාර්තාගත ප්‍රමාණයකින් පහළ ගිය බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා බිස්නස් ටී වී වාර්තා කළේ පසුගිය සතියේ සියයට 27 ක් 28 ක් තරම් ඉහළ මිලකට අලෙවි වූ බැඳුම්කර අද දිනයේ අලෙවි වුයේ සියයට 14.25 සහ 15.75 අතර මිල ගණන්වලට බව යි.
දේශීය ණය ප්‍රසස්තිකරණය පිලිබඳ බිය පහව යාම මෙම පොලී අනුපාත පහළ යාමට හේතු වී ඇති බව කියති.
