නැගෙනහිරට – උතුරුමැදට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක්

       නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (4) පස්වරුවේ දිවුරුම් දුන්හ.   නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මියත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් මෙලෙස දිවුරුම් ලබා දී තිබේ. (ඩයනා උදයංගනී) ලංකාදීප

පාර්ලිමේන්තු සභාවාරය කල්තබයි

පාර්ලිමේන්තුවේ සභාවාරය කල්තැබීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත . ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එය නැවත රැස් වන්නේ ජනවාරි 3 දාය . එයට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය . ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම මෙලෙස පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීමට හේතු වූ බව කියති .

ජනාධිපති ආර්යාව බඩු ගන්න ඇවිත්

ජනාධිපති ආර්යා අයෝමි රාජපක්ෂ මහත්මිය ඊයේ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට පැමිණ නිවසට අවශ්‍ය බඩු මිල දී ගත බව එම වෙළඳ සලේ සේවකයෝ කියති . මිරිහානේ පදිංචිව සිටින ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ මීට පෙරද මෙම සුපිරි වෙළෙඳ සලට පැමිණ ඇති නමුත් ජනාධිපති ආර්යාව වූ පසු මෙලෙස පැමිණීම සේවකයන් අපේක්ෂා නොකළ බව ඔවුන්ගේ කතා බහෙන්…

තීරණාත්මක සාකච්ඡාවක් සඳහා රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායම කැඳවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.  විපක්ෂ නායක ධුරය සහ එජාප නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදය තවමත් නොවිසඳුණු පසුබිමක් තුළ මෙම සාකච්ඡාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.  තමන් දේශපාලනයෙන් සමුගැනීමට අදහස් කරගෙන සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා මීට…

තුනෙන් දෙකක් ලැබුණොත් 19 ව්‍යවස්ථාවෙන් ඉවතට-ජනපති විදෙස් මාධ්‍යයට කියයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වු බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබුණහොත් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය රාජ්‍ය සංචාරය අතරතුර “ද හින්දු” පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ද හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී එම මාධ්‍යෙව්දීනිය ‘ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කුමන ආකාරයේ සහයෝගීතාවක් ඉන්දියාවෙන් බලාපොරොත්තු…

විපක්ෂ නායකධූරය සජිත්ට දුන්නාද? කරුගේ ප්‍රතිචාරය – එවැනි තීරණයකට පැමිණියේ නෑ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය  සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟතාවක් ඇති වූ බවට වන හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩය සමබන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ඊයේ  (29)  දින පැවති සාකච්ජාවේදී එවැනි තීරණයකට නොපැමිණි බවයි.  ඒ අනුව මෙතෙක් විපක්ෂ නායක කවුරුන්ද යන්න නිල වශයෙන් අවසන් තීන්දුවකට පැමිණ නැත.  තවදුරටත් සාකච්ජා පැවැත්වෙන…

විපක්ෂ නායක ධූරය සජිත්ට!

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟතාවකට පැමිණ ඇතැයි හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ටිවිටර් පණිවිඩයක් තබමින් පවසයි.  එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ  (29) පස්වරුවේ පැවති සාකච්ජාවකදී එම එකඟතාවට පැමිණ ඇති බවයි එහි සඳහන් වන්නේ.  එම සාකච්ජාවට කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම සජිත්…

මට විපක්‍ෂනායක කම උවමනා නෑ.. එත් අනිත් අය බල කරනවා .- සජිත් තම කදවුරම පාවාදෙමින් රනිල්ට කියයි

විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට තමන්ට හදිසියක් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත. නමුත් එය ලබා ගන්නැයි තම පාර්ශවයේ අනෙක් පිරිස බල කරන බවද ඔහු සඳහන් කර තිබේ. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය….

පොලිසිය සහ ආරක්ෂක අංශ මහජන සාමය සම්බන්ධයෙන් විවෘතභාවය පවත්වා ගැනීම අවශ්‍යයි.- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදීන් දෙදෙනකු  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව  වෙත කැඳවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ට ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු වලට ප්‍රවේශවීමට අවකාශයක් නොමැති විමත්, එවැනි තොරතුරු ලබා ගැනීමට මෙතෙක් පහසුකම් සැලසු පොලිස් මාධ්‍ය ඒකකය වසා දැමිම කෙරෙහිත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කණස්සල්ල පළ කරයි. අප වෙත වාර්තා වු ආකාරයට ඊයේ දිනයේ ‘ද…

සුරක්ෂා රක්ෂණය අත්හිටුවා නෑ – අධ්‍යාපන ඇමති ඩලස්

පාසල් සිසුන් සදහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය අත්හිටුවා නැති බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි . සුරක්ෂා රක්ෂණ ක්‍රමය පාසල් සිසුන් සදහා ක්‍රියාත්මක වූ යහපත් වැඩ පිළිවෙලක් බව කීමට තමා  මැලි නොවන බවත් එහි අඩුපාඩු නිරවුල් කොට පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඒ මහතා කියයි . සුරක්ෂා රක්ෂණ ක්‍රමය අත්හිටුවා ඇතැයි පල වූ…

මැකෝ ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා…

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ නායකත්ව ඔටුන්න ඉල්ලා සිටින්නේ දැනට වසර ගණනාවක පෙර සිටය. ඒ වෙනුවෙන් අවස්ථා ගණනාවකදී එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් පක්ෂ නායකත්වය සමග සටන් කළේය. කෙසේ වෙතත් ඒ සෑම අවස්ථාවකදීම සිදු වූයේ සජිත් ප්‍රේමදාස මහතා, තමන් වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් අනාථ කර පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් පමණක් සෑහීමට පත් වීමයි. එදා…