විපක්ෂ නායකධූරය සජිත්ට දුන්නාද? කරුගේ ප්‍රතිචාරය – එවැනි තීරණයකට පැමිණියේ නෑ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය  සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟතාවක් ඇති වූ බවට වන හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩය සමබන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ඊයේ  (29)  දින පැවති සාකච්ජාවේදී එවැනි තීරණයකට නොපැමිණි බවයි. 

ඒ අනුව මෙතෙක් විපක්ෂ නායක කවුරුන්ද යන්න නිල වශයෙන් අවසන් තීන්දුවකට පැමිණ නැත. 

තවදුරටත් සාකච්ජා පැවැත්වෙන අතර එළඹෙන දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළත් මේ සම්බන්ධයෙන් සාකච්ජා පැවත්වීමට නියමිත බවද කරු ජයසූරිය මහතා ලංකා නිවුස් වෙබ් වෙත පැවසුවේය. 

එළඹෙන 03 වැනිදා පාර්ලිමේන්තුව වාරාවසාන වන අතර ඉන් පසුවයි විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරනු ලබන්නේ. 

කෙසේවෙතත් තවදුරටත් එම අර්බුදය සමථයකට පත්ව නොමැති බව සඳහන්.  

හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණේ අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ජාවේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟතාවකට පැමිණි බවයි. 

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *