මට විපක්‍ෂනායක කම උවමනා නෑ.. එත් අනිත් අය බල කරනවා .- සජිත් තම කදවුරම පාවාදෙමින් රනිල්ට කියයි
විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට තමන්ට හදිසියක් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.
නමුත් එය ලබා ගන්නැයි තම පාර්ශවයේ අනෙක් පිරිස බල කරන බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය.
විපක්ෂ නායකධුරය අවශ්‍ය දැයි නායක රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවේදි සජිත් ප්‍රේමදාස මහතාගෙන් සෘජුව කළ විමසීමකදී පිළිතුරු ලෙස ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කර ඇත
lanka C news
