සුරක්ෂා රක්ෂණය අත්හිටුවා නෑ – අධ්‍යාපන ඇමති ඩලස්

පාසල් සිසුන් සදහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය අත්හිටුවා නැති බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි .

සුරක්ෂා රක්ෂණ ක්‍රමය පාසල් සිසුන් සදහා ක්‍රියාත්මක වූ යහපත් වැඩ පිළිවෙලක් බව කීමට තමා  මැලි නොවන බවත් එහි අඩුපාඩු නිරවුල් කොට පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඒ මහතා කියයි .

සුරක්ෂා රක්ෂණ ක්‍රමය අත්හිටුවා ඇතැයි පල වූ ප්‍රවෘත්ති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව කියා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *