සිවු දිග මහා සංඝ රත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා.. ඊයේ ජාතියේ ශෝක දිනයක්..- ජාතික සංවිධාන

සිවු දිග මහා සංඝ රත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා.. ඊයේ ජාතියේ ශෝක දිනයක්..- ජාතික සංවිධාන

මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔක්තෝබර් 22 වන දින ජාතික ශෝක දිනයක් සේ සලකන බවයි. එම සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් සිය මතය මෙසේ ඉදිරිපත්…

ආචාර්ය හර්ෂ ද සිල්වාට නොදේ ; මුදල් කමිටු සභාපතිකමත් ආණ්ඩුව ම තියාගනී.

ආචාර්ය හර්ෂ ද සිල්වාට නොදේ ; මුදල් කමිටු සභාපතිකමත් ආණ්ඩුව ම තියාගනී.

පාර්ලිමේන්තුවට යහපාලන සමයේ හඳුන්වා දුන් රීතී අනුව විපක්ෂයට හිමිවිය යුතුව තිබු රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ධුරය , එයට විපක්ෂයෙන් නම් කොට තිබු ආචාර්ය හර්ෂ ද සිල්වාට නොදීමට ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත්තේ ය. එම යෝජනාවට අනුව මුදල් කමිටු සභාපතිකම විපක්ෂයට ලබාදීමේ රීතිය අහෝසි වන අතර එය කමිටුවේ බහුතරයෙන් තීරණය කළ යුතු වෙයි. පාර්ලිමේන්තුවේ…

|

ඩයනාට එරෙහිව සජබයෙන් විනය පරීක්ෂණයක් !

තම පක්ෂයේ තීරණයට එරෙහිව 20 වැනි සංශෝධනයට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියයි. පක්ෂයේ විනයට එරෙහිව කටයුතු කිරීම නිසා අය පක්ෂයෙන් නෙරපා හරිය හැකි බවත් , එසේ වුවහොත් මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකි බවත් එම ආරංචි මාර්ග කියති. කෙසේ වෙතත් 20 ට ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර නොගෙන…

කොවිඩ් පොකුරට අද 309ක් එක්වෙති ; මුළු ගණන 2817ක් දක්වා ඉහළට

කොවිඩ් පොකුරට අද 309ක් එක්වෙති ; මුළු ගණන 2817ක් දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයන් 309 දෙනකු අද දිනයේ හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මිනුවන්ගොඩින් මතු වී රට පුරා පැතිරුණු කොවිඩ් පොකුර දැන් 2817 දක්වා ඉහළ  ගොස් ඇත. මෙතරම් විශාල සංඛ්‍යාවක් හමු වී ඇත්තේ සති තුනකටත් අඩු කෙටි කාලයක් තුළ දී ය. කොවිඩ් මෙරට දී හඳුනාගත් මුල් මාසයේ හමු වූ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් අද එක් දිනක් තුළ…

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  දෙවනවර කියවීම මෙන් ම තෙවැනි වරත් 156 ට 65 යි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවනවර කියවීම මෙන් ම තෙවැනි වරත් 156 ට 65 යි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය ම ලබා ගනිමින් තෙවන වර කියවීමෙන් ද සම්මත වී තිබේ . තෙවන වර ද එයට පක්ෂව ඡන්ද 156 ක් ද විපක්ෂව 65 ක් ද ලැබී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන මොහොතේ සභා ගැබේ සිටියේ නැත . මෙම සංශෝධනයට විරෝධය පල කළ…

ශ්‍රී ලංකාවේ 14 වන කොරෝනා මරණය  වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වන කොරෝනා මරණය  වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලි ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇත. පසුගිය 17 වැනිදා කුලියාපිටිය රෝහලෙන් කොළඹ අයි ඩී එච් රෝහල වෙත මෙම කාන්තාව මාරු කර එවා…

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න 157ක් ඡන්දය දෙයි

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීමට ඉඩ සලසන 20 වැනි සංශෝධනයේ 17 වගන්තිය සඳහා විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එලෙස පැවති ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 157 ක් ලැබී සම්මත වීය. විරුද්ධව ලැබුනේ ඡන්ද 64 කි. 20 ට ලැබුණු ඡන්ද වලට වඩා එක් ඡන්දයක් එයට ලැබී තිබිණි. මෙම වගන්තියට තදින් විරුද්ධව සිටි ආණ්ඩු…

මුස්ලිම් මන්ත්‍රී ඡන්දයෙන් ආණ්ඩුව 20 ජයගනී

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඡන්ද 156 ක තුනෙන් දෙකක ඡන්ද ලබා ගනිමින් ආණ්ඩුව ජය ගත්තේ ය. විපක්ෂව ලැබුනේ ඡන්ද 65 කි. විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු ගණනාවක්  සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් හ. (විස්තර පසුවට)

කොටහේනටත් ඇඳිරි නීතිය ; දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය වසයි.

කොටහේන පොලිස් බල ප්‍රදේශයට ද අද සවස 6.00 සිට ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අද උදේ කොළඹ කොට්ටාස පහකට පැනවූ ඇඳිරි නීතියට අමතර වශයෙනි. මේ අතර දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීරණය ද අද සිට වසා දමා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ජනයා අතර කොරෝනා බිය වර්ධනය වී ඇති අතර මහජනයා භාණ්ඩ එක්රැස් කරනු ද දකින්නට ලැබුණි.

විමල් ,වාසු, උදය, ගෙවිදු ,වීරසුමන ,විජයදාස කණ්ඩායම ඡන්දය ණයට දෙයි !

විමල් ,වාසු, උදය, ගෙවිදු ,වීරසුමන ,විජයදාස කණ්ඩායම ඡන්දය ණයට දෙයි !

  ද්විත්ව පුරවැසියන්ට ඇමතිකම් දැරීමේ අයිතිය දීම ඇතුළු 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්තයට ඡන්දය දීමට ජනාධිපතිතුමා සමග එකඟත්වයක් ඇතිකරගත් බව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග,වීරසුමන වීරසිංහ,ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ ය. ලබන වසරේ ගෙනෙන නව ව්‍යවස්ථාවක දී ද්විත්ව පුරවැසියන්ට ඇමතිදුර දැරීම,මන්ත්‍රීවරුන් වශයෙන් පත්වීම ආදිය තහනම් කරන වගන්තියක් ඇතුළත් කරන…

කොළඹ පැත්තකට ඇඳිරි නීතිය

කොළඹ පැත්තකට ඇඳිරි නීතිය

කොළඹ මට්ටක්කුලිය , මෝදර ,බ්ලුමැන්ඩල් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය  ප්‍රදේශවලට වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. මෙම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

කොවිඩ් පොකුර දැන් 2452 යි ; අද අලුතින් 109 යි

රටපුරා  පැතිරී ඇති කොවිඩ් පොකුරෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 2452 ක් දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේ අලුතින් හමු වූ අසාදිතයින් සංඛ්‍යාව 109 කි.