ශ්‍රී ලංකාවේ 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලි ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇත.
පසුගිය 17 වැනිදා කුලියාපිටිය රෝහලෙන් කොළඹ අයි ඩී එච් රෝහල වෙත මෙම කාන්තාව මාරු කර එවා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
