මෙරට සමස්ත රෝගී සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය බව රජය නිවේදනය කරයි; අද තවත් කොරෝනා ආසාදිතයින් 314ක්

මෙරටින් සොයාගත් කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය බව රජය අද නිවේදනය කළේය තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 314 දෙනෙකු අද (30) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිවේදනය කොට ඇත .

පුරවැසියන් ආණ්ඩුවට උදව් කළ යුත්තේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

වර්තමානයේ බලයේ සිටින්නේ කුමන්ත්‍රණ න්‍යාය ඔස්තාද්ලා පිරිසකි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, බටහිර විරෝධය, ඇමරිකන් විරෝධය, මුස්ලිම් විරෝධය, දෙමළ විරෝධය, ස්ත්‍රී විරෝධය, සමලිංගික හා අනෙකුත් සුළුතර ලිංගික විරෝධය පමණක් නොව ගොවිගම ආධිපත්‍යවාදය පවා ප්‍රවර්ධනය කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව හා එහි නායකයන් වාසනාව පැත්තෙන් ගත් කල මෑත ඉතිහාසයේ අවාසනාවන්ත ම පාලකයෝ ය. ඒ කොරෝනා වයිරසය නිසා ය. කොවිඩ්-19…

තවත් කොවිඩ් ආසදිත්යෝ 168 ක් හඳුනාගැනෙති ; අදට 582 යි ; පොකුර 6713 යි

  තවත් කොවිඩ් ආසාදිතයන් 168 ක් අද රාත්‍රී වනවිට හඳුනාගනු ලබා ඇත. ඒ අද සවස් වනවිට හඳුනාගෙන තිබු 141 දෙනාට අමතර වශයෙනි . මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 6713 ක් දක්වා ඉහල ගොස් ඇත. ලබන සඳුදා සිට බස්නාහිර පළාතේ රජයේ ආයතනවල යලිත් වරක් නිවසේ සිට වැඩ කිරීම ක්‍රියාත්මක කරන බව ද රජය නිවේදනය කරයි.

තවත් කොවිඩ් ආසාදිතයෝ 414ක් අද හඳුනාගැනෙති ; පොකුර 6000 පනී ; සමස්තය 10,000 ආසන්නයේ

රටපුරා පැතිරෙන පොකුරට සම්බන්ධව අද (29) දින මේ වනවිට  තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 352ක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 62 නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 6145 දක්වා ඉහළ…

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට – පලාතෙන් පිටවීමත් තහනම්

කලින් නිවේදනය කළ පරිදි අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වේ. ඇඳිරි නීතියට පෙර හෝ ඇඳිරි නීති කාලයේ පලාතෙන් පිටතට ගමන් කිරීම ද සීමාකොට ඇත කෙසේ වෙතත් මේ වන විටත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා දිනයෙන් පසුවත් නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඇඳිරිනීතිය…

විපක්ෂයෙන් නෙරපූ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් අසුන් පනවන්නැයි ඉල්ලයි

පක්ෂ විනය කඩ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන්  සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත යොමුකර තිබේ. ඒ අනුව අදාල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු…

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව කුමක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය. එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි. මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, නෑදෑ ගමන්…

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට කොවිඩ් – 19

ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඔහු එම පුවත්පතේ පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදියා බවද වාර්තා වේ. එම මාධ්‍යවේදී මහතා පසුගිය දිනවල සේවයට වාර්තා නොකර නිවසේ සිට ඇති අතර එසේ සිටියදී ස්ව කැමැත්තෙන්ම ඔහු PCR පරීක්ෂණයකට භාජනය වී ඇත. එම වාර්තාව…

ඊයේ 335න් වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ (28) දිනයේ මෙරටින් වාර්තාවු කොවිඩ් – 19 ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 237ක් ලෙසිනි. කොළඹ දිස්ත්‍රික්කයේත් කොළඹ 01 සිට 15 දක්වා කොට්ඨාසවලින් ආසාදිතයන් 161ක් වාර්තා වී තිබේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 75ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 10ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01ක් අයෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තිදෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 04දෙනෙක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 04දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන්…

ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩන් බොහෝ ඉදරියෙන් – ජනමත සමීක්ෂණ පෙන්වයි

ලබන අඟහරුවාදා ( නොවැම්බර් 03 ) පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපති වරණයේ ජනමත සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන් පෙරමුණ ගෙන ඇතැයි වාර්තා වෙයි. ලෝ ප්‍රකට The Economist සඟරාවේ අලුත් ම වාර්තා අනුව ජනාධිපතිවරණය ජයගැනීමේ බයිඩන්ගේ හැකියාව සියයට 96 කි. ට්‍රම්පට ඇත්තේ සියයට 4 ක හැකියාවකි . ජනාධිපති තීරණය…

කොළඹ දිස්තික්කයට ම ඇඳිරි නීතිය

  කොළඹ දිස්ත්‍රික්කයට ම හෙට රාත්‍රී 12.00  සිට සඳුදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීඑතින පකාශයට පත්කොට ඇත. මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දැනටමත් ඇඳිරි නීතිය  පනවා ඇති ප්‍රදේශවලට අමතර වශයෙනි. සඳුදා උදාසාන ඇඳිරි  නීතිය ඉවත්කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හෙට සිට අලුති ඇඳිරි නීතිය පනවන ප්‍රදේශවල පමණක් බව ද රජය නිවේදනය කරයි. එම ප්‍රදේශවල ඇඳිරි නීතිය…

කොවිඩ් පොකුරට අදත් 457ක් එක්වෙති ; දැන් සමස්තය 5399 යි

රටපුරා පැතිරෙන කොවිඩ් 19 ආසාදිත පොකුරට අද රාත්‍රී 10.00 වනවිට තවත් ආසාදිතයින් 457ක් එක් වුහ. අද සවස වනවිට 293ක් වාර්තා වූ අතර පසුව තවත් 164 ක් වාර්තා වී ය . මේ අනුව වත්මන් පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 5399 ක් දක්වා ඉහල ගොස් ඇත. රෝගීන් තිදෙනකුගේ මරණ ද අද දවසේ වාර්තා වීය.