ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩන් බොහෝ ඉදරියෙන් – ජනමත සමීක්ෂණ පෙන්වයි

ලබන අඟහරුවාදා ( නොවැම්බර් 03 ) පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපති වරණයේ ජනමත සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන් පෙරමුණ ගෙන ඇතැයි වාර්තා වෙයි.
ලෝ ප්‍රකට The Economist සඟරාවේ අලුත් ම වාර්තා අනුව ජනාධිපතිවරණය ජයගැනීමේ බයිඩන්ගේ හැකියාව සියයට 96 කි. ට්‍රම්පට ඇත්තේ සියයට 4 ක හැකියාවකි .
ජනාධිපති තීරණය කරන මැතිවරණ කොලීජියේ බිදන්ට හිමිවන අඩුම ඡන්ද ප්‍රමාණය 253ක් බවත් උපරිමය 431ක් බවත් එම වාර්තාවේ සඳහන් ය.
ට්‍රම්ප් සඳහා එම සංඛ්‍යා පිලිවෙලින් 118 ක් හා 285 ක් වශයෙන් සඳහන් ය.
ජනාධිපතිවීමට හිමිකර ගත යුතු සංඛ්‍යාව 270 කි.
CNN රුපවාහිනී වාර්තා අනුව මේ වනවිට තත්ත්වය සටහන් වන්නේ බයිඩන්ට 290 ක් සහ ට්‍රම්ප්ට 163 ක් වශයෙනි.
එමෙන් ම, ඔවුන්ගේ ජනමත සමීක්ෂණ අනුව ජනතා කැමැත්ත සටහන් වන්නේ බයිඩන්ට සියයට 52 ක් සහ ට්‍රම්ප්ට සියයට 42 ක් වශයෙනි .
මේ අතර අමෙරිකානු ඡන්දදායකයන් හයකෝටි හැට ලක්ෂයක් මේ වනවිටත් තමඡාන්දය භාවිත කර ඇති බව වාර්තා වෙයි. කල්තබා ඡන්දය පාවිච්චි කිරීමට එරට ඇති ප්‍රතිපාදන අනුව මෙම ඡන්ද ප්‍රකාශ වී තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය සහ කලින් ඡන්දය පාවිච්චි කරන ලෙස ඩිමොක්රටික් පක්ෂයේ ඉල්ලීම නිසා මෙලෙස කල්තබා ඡන්දය දීම ඉහල ගොස් ඇතැයි කියති.
