ඊයේ 335න් වැඩිම ආසාදිතයින් කොළඹින්
ඊයේ (28) දිනයේ මෙරටින් වාර්තාවු කොවිඩ් – 19 ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 237ක් ලෙසිනි. කොළඹ දිස්ත්‍රික්කයේත් කොළඹ 01 සිට 15 දක්වා කොට්ඨාසවලින් ආසාදිතයන් 161ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 75ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 10ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01ක් අයෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තිදෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 04දෙනෙක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 04දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක් අයෙක් ලෙසද වාර්තා වී ඇත.

