සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට කොවිඩ් – 19
ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔහු එම පුවත්පතේ පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදියා බවද වාර්තා වේ.
එම මාධ්‍යවේදී මහතා පසුගිය දිනවල සේවයට වාර්තා නොකර නිවසේ සිට ඇති අතර එසේ සිටියදී ස්ව කැමැත්තෙන්ම ඔහු PCR පරීක්ෂණයකට භාජනය වී ඇත.
එම වාර්තාව අනුව ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.
මේ වනවිට එම සේවකයා සේවය කළ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් වසා දමා විශබීජහරණය කර ඇත.
