ජනාධිපති ලේකම්ගේ ලියුමෙන් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න බෑ : එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි ; කැබිනට් ප‍්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල

 මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ හැක්කේ ලිපියකින් නොව පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම කොමිසමෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉටු වූයේද, නැතිනම් ගන්නා පියවර කුමක්ද, කොමිසමේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවක් ඇතිවූ බවද ඒ මහතා පැවසීය. එය අහෝසි කිරීමක් මෙතෙක් සිදුව නැති බවත් ඒ ගැන…

මහජන උපයෝගීතා කොමිසම වහන්න ජනපතිට බලයක් නෑ ; සාමාජිකයන්ට ඉල්ලා අස්වන්නැයි ලේකම්ගෙන් බලපෑම්

මහජන උපයෝගීතා කොමිසම වහන්න ජනපතිට බලයක් නෑ ; සාමාජිකයන්ට ඉල්ලා අස්වන්නැයි ලේකම්ගෙන් බලපෑම්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කිත්සිරි ලියනගේ ඇතුළු සාමාජිකයන් පස්දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් අද (08) උදෑසන දැනුම්දී තිබේ. ‍2002 අංක 35 දරන මහජන උපයෝගීතා කොමිෂන් පනත මගින් ස්ථාපිත කරන ලද මෙම ආයතනය විසින් පාරිභෝගික ජනතාවට ජලය, විදුලිය සහ ඛනිජ තෙල් ලබාදීමේදී මිල පාලනය…

මහර සිරකරුවන් පෙති ගත් බව මෝඩයකුට තේරෙනවා – ඇමති විමල් වීරවංශ

මහර සිරකරුවන් පෙති ගත් බව මෝඩයකුට තේරෙනවා – ඇමති විමල් වීරවංශ

මහර බන්ධනාගාරයේ කළහකාරී තත්වය මතුවූයේ සිරකරුවන්ට යම්කිසි පෙති වර්ගයක් ලබාදීම නිසා බවට තමන් කළ ප්‍රකාශය සත්‍යයයැයි එම බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් නිකුත් කළ වීඩියෝ පට නරඹන ඕනෑම මෝඩයෙකුට වැටහිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. “සිරකරුවෝ සිරකරුවෝ මරාගත්තු එකෙන්ම තේරෙනවානෙ ප්‍රශ්නෙ තිබිලා තියෙන්නෙ ඔය කියන හේතු කාරණා මත නෙවෙයි කියලා. සිරකරුවන්ට බන්ධනාගාර පාලනයත්…

පරිප්පු, සැමන්, සීනි, ලොකු ලූනු අඩුමිලට දීමෙන් සතොසට ලක්ෂ 600ක් පාඩුයි

  ලොකු ලූනු කිලෝවක් රුපියල් 100කට, සැමන් ටින් එකක් රුපියල් 200කට, සුදු සීනි කිලෝවක් රුපියල් 85කට, පරිප්පු කිලෝවක් රුපියල් 150කට අලෙවි කිරීම නිසා ලංකා සතොස ආයතනයට රුපියල් ලක්ෂ 600ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී ගත් තීරණයක් අනුව ඔක්තෝබර් මස 14 වැනි දින සිට ලොකු ලූනු, සැමන්, පරිප්පු…

20 ඡන්දය දී ඇමතිවරු දැන් ගුටි කති ; කැපිලි , කෙටිලි ගැන ප්‍රසිද්ධියේ හඬා වැටෙති

සුපිරි ජනාධිපති තනතුරක් ඕනෑ කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් ඇමතිවරු මේ වනවිට තමන්ට සිදුවන කැපිලි , කෙටිලි ගැන ප්‍රසිද්ධියේ හඬා වැටෙන තත්ත්වයට පත්ව සිටිති. ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයෙන් තමන්ට කැපිල්ලක් ඇති බව සහ ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ කාටුන් පළ කරමින් තමන්ට පහර දෙන බවකි. ජනාධිපති කාර්යාලය සමග ඇමතිවරයාගේ…

කොවිඩ් ආසාදිත්යෝ 703 ක් අද හඳුනා ගැනෙති ; පොකුර දැන් 25,025 යි ; සමස්තය 28,515 යි

කොවිඩ් ආසාදිත්යෝ 703 ක් අද හඳුනා ගැනෙති ; පොකුර දැන් 25,025 යි ; සමස්තය 28,515 යි

  අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 703 දෙනකු අලුතින් හඳුනාගත් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මෙයින් ආසාදිතයින් 466 ක් පැලියගොඩ පොකුරට සම්බන්ධ අය වන අතර 237 ක් බන්ධනාගාර පොකුරට සම්බන්ධ ආසාදිතයෝ වෙති. මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 25,025 දක්වා ඉහළ  ගොස් තිබේ. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 28,515…

කොවිඩ් දෙදෙනෙක් අදත් මරුට ; අද දෙදෙනාත් හෝමාගම දී

කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනකු අද දින මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද මියගිය දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කොළඹ ජාතික රෝහලෙන් හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු හෝමාගම රෝහලේ දී මරණ දෙක ම සිදු වී ඇත. මෙම දෙදෙනාත් සමග මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 142 ක් වෙයි.

පෑලියගොඩ වෙළඳ සංකීර්ණය ඉඩ මදි බව හා මිල වැඩි බව කියමින් මැනිං වෙළෙඳ සැලේ වෙළෙන්දෝ ජනපති කාර්යාලය ඉදිරිපිට විරෝධතායවක

කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දෝ ද 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළදුන්ට  පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ඔවුන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බව පවසමින් එම වෙළෙඳුන් මෙම විරෝධතාවයේ නිරත වූහ. මෙම විරෝධතාවට සහභාගී වු වෙළඳුන් පවසන්නේ මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ…

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ ජනාධිපති ලේකම්ගේ තීරණයට ඇමති වාසුගේ විරෝධය ලිඛිතව දන්වයි ; ජනතා දැඩි විරෝධය එල්ල වෙයිලු

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම නොසතුට පළකරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි. ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ. මෙම තත්ත්වය…

ජනාධිපති ලේකම් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළේ මා දැනුවත්ව නොවේ..- ඩලස්

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. එම කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුවත්ව යවන ලද ලිපියක් නොවන බවද ඔහු පවසයි. යම්…

අදත් කොවිඩ් 19 මරණ තුනක් ; තුන ම හෝමාගමින් ; මුළු මරණ ගණන 140 ක් වෙයි.

තවත් කොවිඩ් – 19 ආසාදිත මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද දිනයේ වාර්තා වූ මරණ තුන ම සිදු වී ඇත්තේ හෝමාගම මුලික රෝහලේ දී ය. ඉන් දෙකක් ඊයේ සිදුවී ඇති අතර අද එකක් සිදු වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති…

අලුත් කොවිඩ් පොකුර 25,000 ට කිට්ටු වෙයි ; අදත් ආසාදිතයින් 648ක්

අලුත් කොවිඩ් පොකුර 25,000 ට කිට්ටු වෙයි ; අදත් ආසාදිතයින් 648ක්

  මිනුවන්ගොඩින් පටන්ගෙන පැලියගොඩ , පොලිස් සහ බන්ධනාගාර පොකුරු ලෙස වර්ධනය වූ වත්මන් කොවිඩ් පොකුර අද සවස් වනවිට 24,322 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අද එකතු වූ රෝගීන් 648 ත් සමග ය. අද දවසේ අවස්ථා දෙකක දී 362 ක් හා 286 ක් ලෙස මෙම 648 ක සංඛ්‍යාව වාර්තා වීය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර…