ආණ්ඩුවට සල්ලි නෑ ; රසායනික පොහොර ගෙන්වීම නවතන්න යයි ; වී,තේ, පොල්, රබර් , එළවලු ඇතුළු කෘෂිකර්මය සමග රටත් කොට උඩ !

කවුරුන් කුමක් කීවත් තමන් රසායනික පොහොර ගෙන්වීම නවතා  දමන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය. ජනධිපතිතුමා කීවේ රසායනික පොහොර සහ කෘෂි රසායනික නිසා මිනිසුන් ලෙඩවන බැවින් ජීවිත රැක ගැනීමට මෙම පියවර ගන්නා බවයි. කෙසේ වෙතත්, විපක්ෂය කියන්නේ ආණ්ඩුවට කෘෂිකර්මයට අවශ්‍ය පොහොර ගෙන්වීමට වත් මුදල් නැති බවයි රසායනික පොහොර නිසා ලෙඩ වන බවට…

කොවිඩ් යළිත් අති දරුණු වෙයි ! අද අසාදිතයින් 931 ක් ; සමස්තය 99,653 ක් ; රෝහල් පිරේ

  අවුරුදු නිවාඩුවට  පෙර බොහෝ දුරට පාලනය වූ තත්ත්වයක් පෙන්නුම් කළ කොවිඩ් වසංගතය යළිත් උත්සන්න වෙමින් අද දිනයේ රෝගීන් 931 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 99,653 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් තුන්වන රැල්ල ලෙස පවසන මෙවර ව්‍යාප්තිය සමග අසාධ්‍ය රෝගීන් වැඩිවීම නිසා අයි ඩී එච් ඇතුළු කොවිඩ්…

පාස්කු ප්‍රහාරය ගැන ” මහ මොළ කරු ” හරීන් සී අයි ඩී යට කැඳවයි !

වසර දෙකකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරය ගැන බොහෝ කරුණු පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි. ඒ මහතා අත් අඩංගුවට ගැනීමේ උත්සහයක් ගැන ද ආරංචි පැතිර යමින් තිබේ. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව අනුව මේ වනවිට ප්‍රහාරය ගැන හොඳින් ම දන්නා “මහ මොළ…

වෙන මොන රටකවත් ආර්ථික කලාප වෙනුවෙන් මේ තරම් භයානක නීති ගෙනල්ලා නෑ – රනිල්

  කොළඹ වරාය නගරය පාලනය කරන ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත අතිශය භයානක බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙවැනි විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී යම් යම් නීති වෙනස් කිරීම, විශේෂ බදු සහන ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන් එකඟ විය හැකි නමුත් මෙම කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති සඳහා කිසිසේත්ම එකඟ විය…

අන්තර්ජාලය මඟින් සිදු කරන අසත්‍ය පුවත් පාලනයට ගෙන ඒමට සූදානම් නව නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකර එකක් විය හැකියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අන්තර්ජාලය මඟින් සිදු කෙරෙන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නීති පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට ඉතාමත් අහිතකර එකක් විය හැකි බවට අනතුරු අඟවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම තීරණය ගැන සිය අප්‍රසාදය පළ කර…

ඩෙරෙක් ෂොවින් හිටපු පොලිස් නිලධාරියා ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වෙයි!

ඉකුත් වසරේ මැයි එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා මහමඟ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිදුවීමට හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂොවින් වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ. මෙම ඝාතනය එරට වර්ගවාදී ගැටුම් පිළිබඳ කතිකාවත ප්‍රභල ලෙස යළි අවදි කිරීමට සමත් වූ අතර, ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව ඇමරිකානු පුරවැසියන්…

අගමැතිගේ ඊයේ සාකච්ඡාව පුස්සක් ම කර දමයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඊයේ අරලියගහ මැදුරේ පැවති සාකච්ඡාව කිසිදු වැදගත්කමක් නැති පුහු කයිවාරුවක් බවට මේ වනවිට පත්කොට ඇත. මෙය පක්ෂ නායක රැස්වීමක් බවත් , එය කැඳවා ඇත්තේ ආණ්ඩු පක්ෂය තුල මත ගැටුම් සමනය කර ගැනීමට බවත් මුලින් වාර්තා වී ය. කෙසේ වෙතත් ආණ්ඩුවේ පක්ෂ දහයක් රැස්වීම වර්ජනය කල නිසා එම යොදාගත් සාකච්ඡාව කළ…

ආණ්ඩුවේ පක්ෂවල වෙනම මැයි දිනය කොවිඩ් නීතියෙන් තහනම් !

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනස්ව වෙනම මැයි දිනයක් කැම්බල් පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් කර තිබු සුදානම කොවිඩ් 19 පාලනය කිරීමට යයි කියමින් මැයි දින රැස්වීම් තහනම් කිරීමත් සමග වැළකී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ වෙන ම පවත්වන බව…

පෝට් සිටි පනත : යහපාලන කෙටුම්පතේ සහ පොහොට්ටු කෙටුම්පතේ වෙනස ආචාර්ය හර්ෂ පෙන්වයි

කොළඹ වරාය නගරය වෙනුවෙන් පසුගිය යහපාලන රජය විසින් සකස් කළ පනත් කෙටුම්පත සහ වත්මන් රජය විසින් අලුතින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අතර පවතින ප්‍රධාන වෙනස්කම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පෙන්වා දී තිබේ. “2019 කෙටුම්පතේ මොකද්ද කියන්නෙ, මේකෙ නීති හදන්න මේකෙ නියාමන රෙගුලාසි හදන්න සහ නීති රෙගුලාසි සංශෝධනය…

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ අද රැස්වීමට පක්ෂ දහයක් නෑ !

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැඳවීමෙන් අරලියගහ මන්දිරයේ අද පැවතී රැස්වීමට ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයින් සහභාගී නොවූ බව වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස…

අගමැති කැඳ වූ පක්ෂ නායක හමුව බකල් ; විමල්, ගම්මන්පිල , වාසු , රතන හිමි ඉවත් වෙති ; වෙන දිනක යලි කැඳවන්න කියති

අද අරලියගහ මන්දිරයේ කැඳවා තිබු ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම ප්‍රධාන පක්ෂ ගණනාවක් ඉවත්ව යාම නිසා සම්පුර්ණයෙන් අසාර්ථක වූ බව වාර්තා වෙයි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකයින් රැස්වීම ආරම්භයට පෙර ඉන් ඉවත්ව ගොස් ඇත. එයට හේතුව මෙම රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසක් කැඳවා තිබීම යි. ඉන්පසු අතුරලියේ රතන හිමියන් ද රැස්වීමෙන්…

ජනාධිපති, බැසිල් විරෝධී කණ්ඩායම දෙකඩ වෙයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට සහ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය පිලිබඳ යෝජනාවේ දී ජනාධිපතිවරයාටත් , බැසිල් රාජපක්ෂ මහතාටත් එරෙහිව එක්ව සටන් කළ ජාතිකවාදී කණ්ඩායමේ දෙකඩ වීමක් අද පෙන්නුම් කළේ ය. පෝට් සිටි ව්‍යාපෘතිය ඉතා හොඳ ව්‍යාපෘතියක් ලෙස ජාතික සංවිධාන එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්ත්වය ප්‍රකාශයට පත් වී ඇත. මුරුත්තෙට්ටුවේ…