ආණ්ඩුවේ පක්ෂවල වෙනම මැයි දිනය කොවිඩ් නීතියෙන් තහනම් !

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනස්ව වෙනම මැයි දිනයක් කැම්බල් පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් කර තිබු සුදානම කොවිඩ් 19 පාලනය කිරීමට යයි කියමින් මැයි දින රැස්වීම් තහනම් කිරීමත් සමග වැළකී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ වෙන ම පවත්වන බව සහ එයට ආණ්ඩුවේ කුඩා පක්ෂවලට ආරාධනා කරන බව ඊයේ නිවේදනය කළේ ය. ආණ්ඩුවේ පක්ෂ 10 ක් එයට සහභාගී වනු ඇති බව ද වාර්තා වීය.

කෙසේ වෙතත් ,කොවිඩ් 19 නීති උපයෝගී කරගෙන ආණ්ඩුව අද සියලු මැයි රැළි තහනම් කළේ ය.

මේ නිසා ශ්‍රී ල නි ප වෙන ම මැයි රැළිය ද නොපැවැත්වෙනු ඇත.

ආණ්ඩුවේ බෙදීම ප්‍රදර්ශනය වීම ද මෙයින් වැළකී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *