අගමැතිගේ ඊයේ සාකච්ඡාව පුස්සක් ම කර දමයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඊයේ අරලියගහ මැදුරේ පැවති සාකච්ඡාව කිසිදු වැදගත්කමක් නැති පුහු කයිවාරුවක් බවට මේ වනවිට පත්කොට ඇත.
මෙය පක්ෂ නායක රැස්වීමක් බවත් , එය කැඳවා ඇත්තේ ආණ්ඩු පක්ෂය තුල මත ගැටුම් සමනය කර ගැනීමට බවත් මුලින් වාර්තා වී ය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ පක්ෂ දහයක් රැස්වීම වර්ජනය කල නිසා එම යොදාගත් සාකච්ඡාව කළ නොහැකි වී ය.
පසුව අගමැති කාර්යාලය නිවේදනය කළේ රැස්වීමේ දී මයි දිනය පැවැත්වීම ගැන තීරණ ගත බවයි. ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ නගර සභා පිටියේ දී ,සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කැම්බල් පිටියේ දී මැයි දිනය සැමරීමටත් තීරණය වී තිබිණි.
ඊයේ ගත් එම තිරණ සියල්ල අද මයි දින තහනම් කිරීමත් සමග වැඩකට නැති බවට පත්වෙයි.
ඒ අනුව අගමැතිවරයා ඊයේ පැවැත්වූ සාකච්ඡාව සම්පුර්ණ පුස්සක් බවට මේ වනවිට පත්කොට තිබේ.
