දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2000 ආසන්නයේ රැඳෙයි; ඊයෙත් 1914 ක්

  දින ගණනාවක් තිස්සේ 2000 ආසන්නයේ රැඳී ඇති දෛනික කොවිඩ්  ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනයේ ද 1914 ක් වාර්තා කළේ ය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 121,338 ක් ලෙස වාර්තා වෙයි. මෙරටින් අලුත් කොවිඩ් ආසාදිත උපරිම සංඛ්‍යාව ලෙස බදාදා (5) වාර්තා වූ 1939 තවදුරටත් පවතින අතර පෙරේදා වාර්තා වූ සංඛ්‍යාව 1894 කි. දැනට ස්ථාවර…

ඇමෙරිකාවේ ෆයිසර් කොවිඩ් එන්නතට ශ්‍රී ලංකාවේ අනුමැතිය අද ලැබෙයි

ලෝකයේ පළමුවෙන් නිපද වූ කොවිඩ් මර්ධන එන්නත වන ඇමෙරිකාවේ ෆයිසර් සමාගමේ එන්නත ශ්‍රී ලංකාවේ  භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද ලැබී ඇත. මේ වනවිට ඇමෙරිකාවේ යුරෝපයේ සහ ලෝකයේ බොහෝ රටවල එය කොටි ගණනක් ජනයාට ලබා දී අවසානය. මේ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක්  ආනයනය කිරීමට කටයුතු කර ගෙන යන බව කොරෝනා මර්දන…

එන්නත්කරණය කළ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් ; මෙරට සහ ඉන්දියාවේ වැඩි වුණත් ලෝකයේ කොවිඩ් අඩුවක් !

එන්නත්කරණය ක්‍රියාත්මක කළ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත. වැඩි ම ජන ඝනත්වයක් ඇති කොළඹ මහා නගර සභා ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වීමේ සාපේක්ෂ අඩුවක් ඇති බව ද ඒ මහතා කියයි. මෙරටින් පෙරේදා  (05) වර්තා වූ ආසාදිතයන් අතුරින් 498 දෙනෙකු වන වැඩිම පිරිසක් කොළඔ…

අගමැති මහින්ද හදිසියේම අභයාරාමයට. මුරුත්තෙට්ටුවේ හිමි සමග පැය එකහමාරක සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ඇති බව වාර්තා වේ. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බව ද සඳහන්. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල ආණ්ඩුවට එරෙහිව කර්කෂ විවේචන එල්ල කරමින් සිටිනු දක්නට ලැබීම ද විශේෂත්වයකි. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද…

කැනඩාවට යන්න නීතිපති බෑ කියයි ; ජනාධිපතිට දන්වයි

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය භාරගැනීම නීතිපති දප්පුල ද ලිවේර මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. තමා කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත්කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන නමුත් තම රට තුළ ම රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමති බව ලිවේරා මහතා ජනාධිපතිතුමා වෙත දන්වා යවා ඇති බව නීතිපති මාධ්‍ය ප්‍රකාශිකා නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ…

පෙරේදා නොලැබුණු නව කොරෝනා වාර්තාව ඊයේ යලි අලුත්වෙයි; එක දිනට 1939 යි

නව කොරෝනා ආසාදිතයින් පිලිබඳ වාර්තාව ඊයේ යලි අලුත් වී තිබේ. ඒ එක දිනක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 1939 ක් වාර්තා වෙමිනි. දිනපතා අලුත්වෙමින් පැවති මෙම වාර්තාව අලුත් නොවුයේ පෙරේදා දිනයේ පමණකි . පෙරේද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1860 ක් වූ අතර එම සංඛ්‍යාව ඊට පෙර දින වාර්තා වූ සංඛ්‍යාව වන 1924 ට වඩා අඩු…

වරාය නගර කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙයි – මැයි 18දා පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) දින කථානායකවරයා වෙත ලබා දී තිබේ. ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මැයි 18 වැනි දින සිදුකිරීමට නියමිතව ඇත. මෙම පනත් කෙටුම්පත පිලිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොලැබීම නිසා එය දින නියමයක් නැතිව කල්…

අගමැති කැඳ වූ දෙවන පක්ෂ නායක සමුළුවත් අසාර්ථකයි

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට අණ්ඩුව නියෝජනය කරන පක්ෂ ගණනාවක  නායකයින් සහභාගී වී නැතැයි වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ එම රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසක් ද කැඳවා තිබීම යි. මීට පෙර අප්‍රේල් 19 දා කැඳවා තිබු රැස්වීම ද මෙම හේතුව නිසා ම අසාර්ථක වී ය….

ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව අදත් නැහැ ; ෆෝට් සිටි විවාදය දින නියමයක් නැතිව කල් දමයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත හෙවත් ෆෝට් සිටි පනත පිළිබඳව ශ්‍රේෂ්ටාධිකරණ පෙත්සම් විභාගයේ තීන්දුව අද දිනයේ ද පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබීම නිසා හෙට දිනට යොදාගෙන තිබු පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ. අද සවස පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ  හමුවේ දී මෙම තීරණය ගෙන තිබේ. ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව ලැබී නැති නිසා පනත ඉදිරිපත් නොකරන බව…

කොරෝනා අලුත් දෛනික වාර්තාව 2000 ට කිට්ටු කරයි.

දිනෙන් දින වැඩිවන කොවිඩ් දෛනික ආසාදිත සංඛ්‍යාව මේ වන විට දිනකට 2000 මට්ටමට් ආසන්න වෙමින් පවතියි. ඊයේ දිනයේ වාර්තා වූ සංඛ්‍යාව 1923 කි. මෙම සංඛ්‍යාව පසුගිය සතියක පමණ කාලයේ දිගින් දිගට වැඩි වීය. මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 113,676 කි. කොවිඩ් රෝගය නිසා මියගිය සංඛ්‍යාව ද මේ වනවිට 709 දක්වා ඉහළ ගොස් ඇත….

කාබනික ගොවිතැනට ආණ්ඩුවේ තදියම ව්‍යාපාරික වුවමනාවකට දැයි සැකයි ; පහුගිය කාලේ එහෙම වැඩ වලින් මේ ගොවිතැන විනාශ වුණා – කාබනික ගොවිතැනේ පුරෝගාමී කන්තලේ ජයතිස්ස ගොවි මහතා

කාබනික ගොවිතැනට රට යොමු කිරීම යහපත් පරමාර්ථයක් වුව ද එය සැලසුම් ගතව කාලයක් තිස්සේ කළ යුතු කාර්යයක් බවත් , ආණ්ඩුව තදියමේ එකවර කාබනික ගොවිතැනට රට හැරවීමට උත්සහ කළ ද එය කළ නොහැකි බවත්, ආණ්ඩුවේ මේ උත්සාහය කිසියම් ව්‍යාපාරික පිරිසකට මුදල් ඉපයීමට අවස්ථාව උදා කර දීමක් දැයි සැක මතුවන බවත්, මෙරට කාබනික වගාවේ පුරෝගාමියකු වන කන්තලේ…

ශ්‍රේෂ්ටාධිකර්ණයේ තීන්දුව ලැබී නැහැ; ෆෝට් සිටි පනතේ විවාදය අවිනිශ්චිතයි

ෆෝට් සිටි පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ පැවති පෙත්සම් විභාගයේ තීන්දුව අද සවස් වන විටත් කතානායක කාර්යාලය වෙත ලැබී නොතිබුණු බව වාර්තා වෙයි. එය හෙට දිනයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් , තීන්දුව ප්‍රමාද වීම නිසා අනිද්දා පැවැත්වීමට නියමිත පනත් විවාදය පිළිබඳව අවිනිශ්චිත තත්ත්ය්වයක් මතුව ඇති බවත් කියති. ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව ප්‍රමාද වුවහොත් පනත පිලිබඳ විවාදය කල් දැමීමට…