පෙරේදා නොලැබුණු නව කොරෝනා වාර්තාව ඊයේ යලි අලුත්වෙයි; එක දිනට 1939 යි

නව කොරෝනා ආසාදිතයින් පිලිබඳ වාර්තාව ඊයේ යලි අලුත් වී තිබේ. ඒ එක දිනක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 1939 ක් වාර්තා වෙමිනි.

දිනපතා අලුත්වෙමින් පැවති මෙම වාර්තාව අලුත් නොවුයේ පෙරේදා දිනයේ පමණකි . පෙරේද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1860 ක් වූ අතර එම සංඛ්‍යාව ඊට පෙර දින වාර්තා වූ සංඛ්‍යාව වන 1924 ට වඩා අඩු අගයක් වීය.

එක දිනක වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ගැන සෞඛ්‍ය අංශ වැඩි අවදානයක් යොමු කරන්නේ එමගින් වසංගතය පැතිරීමේ ප්‍රවනතාව හඳුනාගැනීමට හැකියාව ඇති නිසාය. රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමෙන් රෝගය තවමත් ව්‍යප්ත වෙමින් පවතින බව පෙන්නුම් කරයි.

රෝගය පාලනය වෙමින් පවතින්නේ නම් මෙම සංඛ්‍යාව අඩු වීමට පටන්ගත යුතු ය.

ආණ්ඩුව පී සී ආර් පරීක්ෂණ සීමා කරමින් මෙම සංඛ්‍යා පාලනය කරන බවට ද චෝදනා එල්ල වී තිබේ. එය එසේ වන්නේ නම්, රෝගයේ ව්‍යාප්තියේ ප්‍රවනතාවය සම්බන්ධයෙන් සැබෑ තක්සේරුවක් ලබාගත නොහැකි වෙයි.

මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,746 ක් වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *