කැනඩාවට යන්න නීතිපති බෑ කියයි ; ජනාධිපතිට දන්වයි

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය භාරගැනීම නීතිපති දප්පුල ද ලිවේර මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

තමා කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත්කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන නමුත් තම රට තුළ ම රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමති බව ලිවේරා මහතා ජනාධිපතිතුමා වෙත දන්වා යවා ඇති බව නීතිපති මාධ්‍ය ප්‍රකාශිකා නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිතුමා විසින් මීට පෙර කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ලෙස පත් කළ හමුදා නිලධාරියා භාරගැනීම කැනඩාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම තනතුර මේ වනවිට හිස්ව පවතියි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ මස අවසානයේ විශ්‍රාම යාමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *