වරාය නගර කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙයි – මැයි 18දා පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) දින කථානායකවරයා වෙත ලබා දී තිබේ.
ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මැයි 18 වැනි දින සිදුකිරීමට නියමිතව ඇත.
මෙම පනත් කෙටුම්පත පිලිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොලැබීම නිසා එය දින නියමයක් නැතිව කල් දමනු ලැබීය .
මෙම ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එමඟින් රටේ ස්වාධිපත්‍යයට හානිදායක බවත් පවසමින් දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොණු කරන ලදී.
මුල් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල වන පරිදි සංශෝධනය කරන බව ආණ්ඩුව නීතිපතිවරයා මගින් අධිකරණයට කරුණු දක්වනු ලැබී ය.
පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දින 05 ක කාලයක් පුරා විභාගයට ගනු ලැබූ අතර පසුගිය(23) දින පෙත්සම් විභාගය අවසන් කෙරුණි.
