ඇමෙරිකාවේ ෆයිසර් කොවිඩ් එන්නතට ශ්‍රී ලංකාවේ අනුමැතිය අද ලැබෙයි

ලෝකයේ පළමුවෙන් නිපද වූ කොවිඩ් මර්ධන එන්නත වන ඇමෙරිකාවේ ෆයිසර් සමාගමේ එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද ලැබී ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ යුරෝපයේ සහ ලෝකයේ බොහෝ රටවල එය කොටි ගණනක් ජනයාට ලබා දී අවසානය.
මේ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ආනයනය කිරීමට කටයුතු කර ගෙන යන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කියයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී නොතිබූ නිසා මෙතෙක් එම එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට නොහැකිව තිබිණි.
