වරාය නගර පනතට සංශෝධන ගෙන්න විශේෂ කැබිනට් රැස්වීම අද සවස 6ට
පාර්ලිමේන්තුවේ හෙට සහ අනිද්දා දිනවල විවාදයට ගැනීමට නියමිත වරාය නගර ආර්ථික කොමිසන් සභා පනතට ඉදිරිපත් කරන සංශෝධන සම්මත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.. පාර්ලිමේන්තුවේදී හෙට (19) විවාදයට ගැනෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත…
