අද කොවිඩ් මරණ 31 යි ;අලුත් ආසාදිතයින් 2269 යි

කොවිඩ් මරණ 31 ක් වන, මෙතෙක් දිනක දී වැඩි ම සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 923 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි.
මෙරටින් වරත වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 138,065ක් වශයෙනි.
මේ වනවිට ප්‍රතිකාර ලබමින් හෝ තවමත් ප්‍රතිකාර නොලබා හෝ සිතන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 25,688 ක් බව ද වාර්තා වෙයි.
සියලු ම කොවිඩ් රෝගීන් රෝහල් ගත කිරීමේ හැකියාවක් මේ වනවිට නැති බව සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත.
